රට කරවන ලියවිල්ල හැදුන හැටි

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සිදුකර ඇත්තේ කෙසේද?

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා විශේෂඥ මණ්ඩලයක් පත් කල බවට ජනමාධ්‍ය විසින් වාර්ථා කල අතර 2020 ඔක්තෝබර් 20 වන දින අංක  2198/13 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතාවට දැනුම් දුන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සදහා විශේෂඥ මණ්ඩලයක් පත් කර ඇති බවත් යම් පුරවැසියකු තම මතය සහ යෝජනා ඉදිරිපත් කිරීමට අපේක‍ෂා කරන්නේ නම් 2020 නොවැම්බර් මස 30වන දිනට පෙර එකී කමිටුව වෙත ඉදිරිපත් කරන ලෙසත්ය.

ශ්‍රි ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට සූදානම් වන මේ මොහොතේ අපේ ඉතිහාසය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන  සිදුවූයේ කෙසේද යන්න යලි සිහිගැන්වීම මෙම ලිපියේ අරමුණයි.

බ්‍රිතාන්‍ය විජිතයක් වීම සහ මුල් කාලීන පාලනය

1976 සිට 1802 දක්වා බ්‍රිතාන්‍ය  නැගෙනහිර ඉංදියා වෙළද සමාගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කල අතර 1802දී ආමේනියා ගිවිසුම මගින් ලංකාව බ්‍රිතාන්‍ය ව යටත් විජිතයක් බවට පත්විය. 1815 කන්ද උඩරට රාජධානිය උඩරට ගිවිසුම මගින් යටත් කරගැනීමත් සමගම මුලූ දිවයිනම බ්‍රිතාන්‍ය ව යටත් විජිතයක් බවට පත්විය. 1802 සිට 1833 දක්වා ලංකාවේ විධායක ව්‍යවස්ථාදායක බලතල භුක්ති විදින ලද්දේ ආණ්ඩුකාරවයරයාය. 1883 දී කෝල්බෘෘක් කොමිසම විසින් සිදුකරන ලද නිර්දේශ මගින් පලමු වරට ආණ්ඩුක්‍රමයෙන් ලංකාවේ පාලනය ඒකාබද්ධ කරන ලදී. 1910 රාජාඥාවක් මගින් කෘෘ-මැකලම් ප්‍රතිසංස්කරණ ස්ථාපනය කරන ලදී. එයට පැවති විරෝධතාවය සලකා බැලු රාජ්‍ය ලේකම්වරයා 1920දී රාජඥාවක් මගින් මැනිං ප්‍රතිසංස්කරණ ස්ථාපිත කරන ලදී . නමුත් ඒ සදහාද විරෝධතා එල්ලවූ බැවින් 1924දී මැනිං-ෙඩවන්ෂන් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලදී. මේ සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ලෙස සාමාන්‍යයෙන් හැදින්වුවද එවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නොවේ. ලංකාව වෙනුවෙන් සම්මත කල පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ 1931 වසරේදී සම්මත කල ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. ඒ සදහා පාදක වූයේ ඩොනමෝර් කොමිෂන් සභාවේ වාර්ථාව වේ.

1931-ඩොනමෝර් ව්‍යවස්ථාව-

මැනිං-ෙඩවංෂන් ප්‍රතිසංස්කරණයන් ක්‍රියාත්මක කල නොහැකි බවට දරුණු විවේචනයක් එල්ලවූ අතර ආණ්ඩුකාරවයාද එම ප්‍රතිසංස්කරණයන් විවේචනය කරන ලදී. මෙම තත්වය මත බ්‍රිතාන්‍ය ව යටත් විජිතභාර ලේකම්වරයා විසින් ලංකාවේ ආණ්ඩුක්‍රමය ප්‍රතිසංස්කරණය සදහා අවශ්‍ය නිර්දේශ ලබාදීම සදහා 1927 දී ඩොනමෝර් කොමිෂම පත් කරන ලදී. මෙම කොමිසම 1927 නොවැම්බර් 13 සිට 1928 ජනවාරි 18 දින දක්වා කාලය තුල ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කරමින් සැසිවාර පවත්වමින් විවිධ පුද්ගලයන්ගෙන් සහ කණ්ඩායම්වලින් අදහස් ලබා ගන්නා ලදී. මගින් මහජන නියෝජිතයන්ට රටේ අභ්‍යන්තර පාලනය සම්පූර්ණයෙන් භාරදිය යුතු බවටත් එම කණ්ඩායමට උදව් දීමට පලපුරුදු උසස් නිළධාරීන්ගේ ගේ සේවය ලබාදිය යුතු බවටත් ආණ්ඩුක්‍රමය බිද වැටීමකදී ඒ සදහා පිළියම් යෙදිමට ආණ්ඩුකාරතුමාට බලතල ලබාදිය යුතු බවටත්  කොමිසම විසින් නිර්දේශ කරන  ලදී. මෙම වාර්ථාව පාදක කරගෙන ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස හදුන්වනු ලබන 1931(රාජ්‍ය මන්ත්‍රණ සභා) රාජාඥාව 1931 මාර්තු 20 වන දින බකිංහැම් මන්දිරයේ රාජ්‍ය සභාවේදී සම්මත කරන ලදී. මෙම ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සම්පාදනය කිරීමේදී දක්නට ලැබුණ විශේෂත්වය වන්නේ ඩොනමෝර් කොමිෂන් සභාව විසින් ලාංකික ප්‍රජාවගෙන් පුලූල් ලෙස අදහස් සහ යෝජනා ලබාගැනීම සදහා කටයුතු කිරීමයි.

1946-සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව-

ලංකාවට නිදහස ලැඛෙන අවස්්ථාව වන විට අපට ඉංග්‍රීසීන් විසින් ලබාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැවතිනි. සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස හදුන්වනු ලබන එහි නිල නාමය වනුයේ “1946 ලංකා (ආණ්ඩුක්‍රම) රාජාඥාව” ය. එය 1946 මැයි මස 15 වන දින එංගලන්තයේ බකිංහැම් මාලිගයේ රාජ සභා ශාලාවේදී සම්මත කරන ලද බව එහි ආරම්භයේ සදහන් වේ. එම ව්‍යවස්ථාව සකස් කිරීමට පාදක කරගන්නා ලද්දේ 1944 සහ 1945 වසරවලදී ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයන් සදහා බ්‍රිතාන්‍ය  ආණ්ඩුව විසින් පත්කල සෝල්බරි සාමිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කොමිෂන් සභාවේ වාර්ථාව බව එකී රාජ්‍යාඥාවේ පූර්විකාරවේ සදහන් වේ.

1944 ජූලි මස 5 වන දින බ්‍රිතාන්‍ය ව මහජන මන්ත්‍රණ සභාවේ දී සිදුකරන ලද ප්‍රකාශයක් අනුව ලංකාවේ අණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක් පිලිබදව ලංකාවවේ විවිධ කණ්ඩායම් සමග සාකච්ඡා කර ගතයුතු විධිවිධාන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ව රජයට උපදෙස් දීම සදහා මෙම කොමිෂන් සභාව පත් කරන ලදී. කොමිසම 1944 කොවැම්බර් මස 30 වනදින එංගලන්තයේදී පළමු වරට රැස්වූ අතර දෙසැම්බර් 23 වන දින කොළඹට පැමිණෙන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් සදහා යෝජනා ඉදිරිපත් කරන ලෙස පුවත්පත් ජනතාවට දැනුම්දීම් සිදුකරන ලදී. යෝජනා භාරදීමේ අවසන් දිනය වූයේ 1945 ජනාවාරි 15 වනදාය. එදින වන විට කොමිෂන් සභාව වෙත යෝජනා 165ක් ලැබී තිබිණි. පසුව 1945 ජනවාරි 22 හා මාර්තු 15 අතරතුර කාලයේදී කොළඹ නගර ශාලාවේ ප්‍රසිද්ධ රැස්වීම් 20ක් පවත්වන ලදී. ඒසේම 80 දෙනෙකුගෙන් වාචික සාක‍ෂි විමසීම් සිදුකරන ලදී. මේ වන විට බ්‍රිතාන්‍ය ව ආණ්ඩුව විසින් සිදුකරන ලද ප්‍රකාශය අනුව අමාත්‍යවරුන් විසින් පිලියෙල කරන ලද 1944 සැප්තැම්බර් මාසයේ XIV සැසි වාර්තාව ලෙස ප්‍රකාශයට පත් කරන ලද ආණ්ඩුක්‍රමය” නම් ලියවිල්ල ප්‍රසිද්ධ කර තිබූ අතර ඒ පිලිබදව මහජන නියෝජිතයින්ගේ අදහස් ලබාගැනීමද සිදුවිය. කොමසාරිස්වරුන් ලංකාවේ පළාත් නවයේම සංචාරය කරන ලද අතර, 1945 අප්‍රේල් 7 වන දින දිවයිනින් පිටත්ව යන ලදී. පසුව කොමිසම විසින් සිය වාර්ථාව යටත් විජිත භාර මහ ලේකම් වරයාට පිළිගන්නවන ලද අතර 1945 සැප්තැම්බර් මස එය බ්‍රිතාන්‍ය ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

1972 ජනරජ ව්‍යවස්ථාව

1948 පෙබවාරි 4 වන දින අප රටට ලැබුණ ඩොමීනියන් තත්වය පරිපූර්ණ නිදහසක් නොවූ බැවින් පූර්ණ නිදහසක් කරා යාම මුල්කාලින අභිප්‍රාය වුවද, පසුව මහජන නියොජිතයන්ගේ අදහස වූයේ පූර්ණ නිදහසක් සහිත ජනරජයක් බිහිකිරීම  ව්‍යවස්ථා විප්ලවයක් හරහා සිදුකල යුතු බවයි.

ඒ අනුව 1970  මැතිවරණයේ සමගි පෙරමුණේ ප්‍රධානතම මැතිවරණ පොරොන්දුව වූයේ පූර්ණ නිදහසක් සහිත ජනරජයක් පිහිටුවන බවයි.සමගි පෙරමුණුට 2$3 කට වඩා බහුතර බලයක් ලැබුණ අතර එවකට පැවති නියෝජිත මංත්‍රී මණ්ඩලයේදී ආණ්ඩු පක‍ෂය විසින් ජනරජ ව්‍යවස්ථාවක් ගෙන ඒම සදහා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩයක් ගෙන ඒමට යෝජනා සම්මතයක් ගෙන ආ අතර එය ඒකමතිතව සම්මතවිය.

එමෙන්ම එකල පැවති උත්තර මණ්ඩලය වූ සෙනට් සභාවද නියෝජිත මංත්‍රී මණඩලයේ මෙම යෝජනාව සම්මත කරනු ලැබීය.

ඒ අනුව 1970 ජූලි මස 19 වන දින කොළඹ රාජකීය විද්‍යාලයේ නව රඟහලට නියෝජිත මංත්‍රි මණ්ඩලයේ සාමාජිකයන් රැස්වූයේ මංත්‍රිවරුන් ලෙස නොව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් ලෙසය. ව්‍යවස්ථා සම්පාදන කාර්යය පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකරන කාර්යයක් බවට  සංකේතවත් කිරීමට මෙසේ ආරම්භක රැස්වීම සහ අවසන් රැස්වීම නව රගහලේදී පවත්වන ලදී.

පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත්කල අතර එහි සභාපතිවූ යේ නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතායි. 1970 ජූලි මස 29 වන දින ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ නීතිමය රාමුව වන ස්ථාවර නියෝග සම්මත කරගන්නා ලදී.

1970 අගෝස්තු 28 වන දින සම්පාදක මණ්ඩලයේ මෙහෙයෙුම් හා විෂය කාරක සභාව සිය රැස්වීම් ආරම්භ කරන ලද්දේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය  කොල්වින් ආර් සිල්වා මහතා විසිනි. සැබවින්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ මූලක ක්‍රියාවලිය සිදුවන ලද්දේ මෙම කාරක සභාව තුළය.

1971 ජනවාරි මස 17 වන දින ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය කොල්වින් ආර්. සිල්වා මහතා විසින් මෙම කම්ටුව වෙත මූලික යෝජනා කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය ප්‍රසිද්ධ කරන ලදි. පසුව සංශෝධන සහිතව මෙහෙයුම් හා විෂය කාරක සභාව විසින් සම්මත කරන ලද මෙම , මූලික යෝජනාවලිය 1971  මාර්තු මස 14 වනදින ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන ලදී.

පසුව 1972 ජනවාරි 3 දින ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය කාරක සභා 11 කට ඛෙදා ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමේ කාර්යය ආරම්භ කරන ලදී. එමෙන්ම මෙම අවස්ථාවේදීද යම් යෝජනාවක් ඇත්නම් එය 1972 ජනවාරි 24 දිනට පෙර අදාල කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස මහජනතාවට පුවත්පත් දැන්වීමක් මගින් ආරාධනා කරන ලදී.

එසේ කෙටුම්පත් කරන ලද , ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත විෂය හා මෙහෙයුම් කාරක සභාව විසින් අනුමත කර ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත 1972 මැයි මස 8 වන දින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය කොල්වින් ආර් සිල්වා මහතා විසින් ලබාදෙන ලදී.

ඉන් පසුව එකී ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය සංශෝධන එක් කිරීම 1972 මැයි මස 9,10,11,12 හා 19 යන දින වලදී සිදුකරන ලදී. ඒ අනුව සම්පූර්ණ කින ලද ව්‍යවස්ථා කෙටුමපත 1972 මැයි මස 22 වන දින උදෑසන කොළඹ රාජකීය විද්‍යාලයේ නව රගහලට රැස්වූ මෙම ව්‍යවස්ථා සම්පාදක මණ්ලයේ සාමාජිකයන් විසින් සම්මත කරන ලදී.

පසුව එදිනම සවස පාර්ලිමෙන්තව=ට රැස්වූ මෙම මහජන නියෝජිතයින් ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දිවුරුම්දීම සිදුකරන ලදී. ඒ අනුව සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පැවති නියෝජිත මංත්‍රි මණ්ඩලයේ 7වන පාර්ලිමේන්තුව අවසන් වූ අතර ජනරජ ව්‍යවස්ථාව යටතේ ප්‍රථම පාර්ලිමේන්තුව(රාජ්‍ය මංත්‍රණ සභාව) ආරම්භවිය. 1972 මැයි 22 වන දින ශ්‍රී ලංකාවේ ජනරජ දිනය ලෙස ඉතිහාසයට එකිවිය.

මේ අනුව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී සමස්ථ පාර්ලිමේන්තුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස කටයුතු කරන ලද අතර මූලික කෙටුම්පත මහජන අදහස් සදහා විවෘත වූ අතර පාර්ලිමේන්තුව නියෝජනය කල සියලූ පක‍ෂවලින් සමන්විත විෂය කාරක සභා 11ක් යටතේ පුලූල් ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවසන් කෙටුම්පත සකස් කරන ලදී.

1978 නව ජනරජ ව්‍යවස්ථාව

1977 මැතිවරණය ජනයග්‍රහනය කල එක්සත් ජාතික පක‍ෂයේ මැතිවරණ ප්‍රකාශයනය මගින් ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් සම්පාදනය කරන බව දක්වා තිබිණි මේ අනුව 5$6 ක විශිෂ්ඨ බහුතරයක් එක්සත් ජාතික පක‍ෂයට ලැබීමත් සමගම නව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ කාර්ය ආරම්භ කරන ලදී.

1977 මැතිවරණය පවත්වා මාස 2කින් පමණ පසුව “ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහ කමිටුව වෙනස්කල යුතුයැයි සලකන වෙනත් ලිඛිත නීති සංශෝධන සලකා බැලීම සදහා තේරීම් කාරක සභාවක් පත් කරන ලදී. 1977 නොවැම්බර් 3 වන දින කථානායක වරයා විසින් පත් කල එකී කාරක සභාවේ සාමාජිකයින් වූයේ-

ජේ.ආර්.ජයවර්ධන(එජාප)-සභාපති,ආර්.ප්‍රේමදාස(එජාප),ලලිත්ඇතුලත්මුදලි(එජාප),ගාමිණි දිසානායක (එජාප), රොනී ද මැල්්(එජාප), කේ.ඩබ්ලිව්.දේවනායගම් (එජාප), එම්.එච්.එම්.නයිනමරික්කාර් (එජාප), සිරිමාවෝ බණ්ඩාරණායක(ශ්‍රීලනිප), මෛත්‍රීපාල සේනානායක(ශ්‍රීලනිප), එස්.තොන්ඩමාන් (ලංකා කම්කරු කොංග්‍රසය) ය.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මෙම කමිටුවේ සේවය කිරීම ප්‍රතිෙක‍ෂ්ප කරන ලදී. 1972 ව්‍යවස්ථාවේ මූලික රාමුව වෙනස් කිරීමට විරෝධය ප්‍රකාශ කරමින්  පසුව සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය සහ ශ්‍රිලනිප කණ්ඩායමද සම්පාදක මණ්ඩලයෙන් ඉවත් විය.

ජේ.ආර්.ජයවර්ධන මහතා 1978 පෙබරවාරි 04 වන දින විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව මෙම තේරීම් කාරක සභාවෙන් ඉවත් වූ අතර ආර්.ප්‍රේමදාස මහතා කාරක සභාවේ සභාපති ලෙස පත්වන ලදී. මෙම සම්පාදක මණ්ඩලය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් අනතුරුව 1978 සැප්තැම්බර් 07 වන දින සිට ව බලාත්මක විය.

2000 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත

1993 වසරේ බලයට පැමිණි පොදුජන පෙරමුණු සිය මැතිවරණ ප්‍රකාශනය මගින් ප්‍රකාශ කරන ලද්දේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලය සකස් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කරයුතු අමාත්‍යංශයක්ද නිර්මාණය කරන ලදී. එකී අමාත්‍යංශය භාරව කටයුතු කරන ලද්දේ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාය. ඔහුගේ මූලිකත්වයෙන් පොදුපෙරමුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය ආරම්භ කල අතර එහිදී ජනතාවගේ අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියක්ද ආරම්භ කරන ලදී.

මේ සදහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තේරීම් කාරක සභාවක්ද පත් කල අතර එවකට අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍ය ධුරය දැරූ මහාචාර්ය ජී.ඒල්.පීරිස් මහතා එහි සභාපතීත්වය දරණ ලදී.

1995 වසරේදී රජයේ මූලික යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී. පසුව 1997 වසරේදී තවත් සවිස්තරාත්මක යෝජනාවලියක් ඉදිරිපත් කරන ලදී.එය “පැකේජය” නමින් ප්‍රචලිත විය. එකී දේශපාලන යෝජනාවලිය පාදක කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලද අතර එයට 2000 ජූලි 21 වන දින කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

ඇත.

ඒ අනුව මෙම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විවාදය ව1994 සිට 1999 දක්වා කාලය තුල මෙම කමිටුව රැස්වීම් 77ක් පවත්වන ලද බව මහචාර්ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ මෙම කෙටුම්පත පිළිබද විවාදයේදී සදහන් කර ර්ෂ 2000 අගෝස්තු 3, 7 හා 8 යන දිනයන්හිදී පැවති අතර, ව්‍යවස්ථාවේ සමහර ප්‍රතිපාදනවලට විරෝධය පා එක්සත් ජාතික පක‍ෂයේ මන්ත්‍රිවරුන් පිරිසක් ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු සභා ගර්භය තුලදී මෙම ව්‍යවස්ථා කෙටුම්පතේ පිටපත්වලට ගිණි තබන ලදි.

2015 -2019 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය

2015 අගෝස්තු මස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු සියලූම ප්‍රධාන පක‍ෂ සිය මැතිවරණ ප්‍රකාශන වල ඉදිරිපත් කරන ලද්දේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවයි. ඒ අනුව 2015 දද මාසයේදී ස්ථාපනය කරන ලද එජාප පොදුජන එක්සත් පෙරමුණු හවුල් ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කරනු ලබන්නේ 2015 නොවැම්බර් මස 18 වන දින  ජනාධිපතිතුමන් විස්ින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍යමණ්ඩයේ අනුමැතිය ලැබීමත් සමගය. ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා අනුගමනය කල යුතු ක්‍රමවේදය සහ සිදුකල යුතු ව්‍යවස්ථාමය වෙනස්කම් නිර්දේශ කිරීම සදහා අගමැතිතුමාගේ සභාපතීත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් එදින කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලදී ඒ අනුව   රජය විසින් සැලසුම්කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මූලික අදියර තුනකින් යුක්තය. එනම්

1 .මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය,

2.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ක්‍රියාවලිය,

3.පාර්ලිමේන්තු ක්‍රියාවලිය,

මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලිය

මෙම ක්‍රියාවලිය ආරම්භ වන්නේ 2015 දෙසැම්බර් 16 දින  ගරු අගමැතිතුමන් විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීමත් සමගය. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සදහා මහජන නියෝජනය ලබාගැනීම සදහා 24 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කල  අතර එම කමිටුවේ තිදෙනා බැගින් වූ මණ්ඩල ලෙස ක්‍රියා කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රැස්වෙමින් මහජන අදහස් ලබාගැනීමට තීරණය විය. කැබිනට් අනුමැතිය අනුව අගමැතිතුමා විසින් 2016 දෙසැම්බර් 29 වන දින පත්කල මෙම මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස නීතිඥ ලාල් විජේනායක මහතා කටුයුතු කල අතර පලමු රැස්වීම 2016 ජනවාරි 11 වන දින පවත්වන ලදී. ප්‍රාදේශීය මට්මමින් හා ජාතික මට්ටමින් රැස්වීම් පවත්වා කමිටුවේ අවසන් වාර්තාව 2016 මැයි 10 වන දින ගරු අගමැතිතුමන් වෙත භාරදෙන ලදී. මෙම වාර්තාව කැබිනට් අනුකාරක සභාවට හා ඉන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවටද භාරදෙන ලදී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල ක්‍රියාවලිය-

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සදහා සමස්ථ පාර්ලිමේන්තුවට ආණ්ඩක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් ලෙස නම් කිරීම සදහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම්කර ඇතිබව ගරු අගමැතිතුමන් 2015 දෙසැම්බර් 16 වනදින කැබිනට් මණඩලය වෙත දැනුම්දුන් අතර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය එයට හිමිවිය. ඒ අනුව අගමැතිතුමන් විසින් 2016 ජනවාරි 9 වන දින පාර්ලිමේන්තුවට එම යෝජනාව ඉදිරිපත් කල අතර 2016 මාර්තු 9 වන දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයකින් අනතුරුව සංශෝධන සහිතව ඒකච්ඡන්දයෙන් සම්මත විය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 75 වන ව්‍යවස්ථාව අනුව යමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම පිළිබදව හා එකී කාර්යය සිදුකරනු ලබන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ ව්‍යුහය හා කාර්යයන් පිළිබදව එම යෝජනාවේ ඇතුලත් විය. ඒ අනුව පාර්ලිමේන්තුවේ විෂය අනු කමිටු 6ක් හා මෙහෙයුම් කමිටුවක් පත් කරන ලදී. එකී විෂය අනු කමිටු හා ඒවායේ සභාපතිවරුන් මෙසේය.

  • මූලික අයිතිවාසිකම් – මහින්ද සමරසිංහ මහතා
  • අධිකරණය- රවූෆ් හකීම් මහතා
  • නීතිය හා සාමය-සාගල රත්නායක මහතා
  • රාජ්‍ය මූල්‍ය-බන්දුල ගුණවර්ධන මහතා
  • රාජ්‍ය සේවය- සුසිල් ප්‍රේමජයන්ත මහතා
  • මධ්‍ය-පර්යන්ත සබදතා-ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා

මෙම කමිටු  පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක‍ෂ නියෝජනයක් සහිතය. කමිටුවේ සහය සදහා විද්වත් කමිටුවක්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩල පර්යේෂණ කණ්ඩයමක්ද පත්කරන ලදී. එම කණ්ඩායම් විෂය පිළිබද විද්වතුගෙන් සමන්විත විය. මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ වාර්තාවද කමිටුව ඉදිරියට කැදවන ලද විෂය ප්‍රවීණයන්ගේ අදහස් හා සෘජුවම කමිටුව වෙත යොමු වූ මහජන අදහස් සැලකිල්ලට ගෙන මෙම කමිටු විසින් සිය වාර්තාවන් 2016 අගෝස්තු මාසයේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙහෙයම් කමිටුව ගරු අගමැතිතුමාගේ සභාපතීත්වයෙන් යුතු වු අතර එහි අතුරු වාර්තාව 2017 සැප්තැම්බර් 21 දින ආණ්ඩු ක්‍රම සම්පාදක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.

පසුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කාර්යය නිම කරමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය වෙනුවෙන් එහි විශේෂඥ කමිටුව විසින් සකස් කරන ලද වාර්ථාව 2019—දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

නමත් විපක‍ෂයේ විරෝධතාවන් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය ආරම්භ නොවීය.

මේ අනුව 1946, 1972 සහ 1978 යන වර්ෂවල ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් සම්පාදනය කිරීමේදී මහජන අදහස් ලබාගැනීම් සදහා සෑහෙන උත්සාහනයන් දරා ඇති බව පැහැදිලිය. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ව පාලකයන් විසින් ලංකාව වෙනුවෙන් එංගලන්තයේදී සම්මත කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සදහාද ජනතා අදහස් සහ එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සියලූ පක‍ෂවල අදහස් ලබාගැනීම් සිදුකරන ලදී. එසේම 1972 සහ 1978 වර්ෂවලදී විපක‍ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සදහා දායක කරගැනීම දක්නට ලැබිණි.

2000 වර්ෂයේ කෙටුම්පත්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සදහා පුලූල් ජනතා අදහස් ලබාගැනීමක් සිදුකල අතර කෙටුම්පත් කිරීමේදී විපක‍ෂයද දායක කරගැනීම දක්නට ලැබිනි. 2015 වර්ෂයේදී ආරම්භ වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක කාර්යය අනෙක් සියලූ අවස්ථාවන්ට වඩා විධිමත් ලෙසමහජන අදහස් ලබාගැනීමක් දක්නට ලැබුන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක අවස්ථාව ඉතා පුලූල් ලෙස පාර්ලිමේන්තුව නියෝජන කල සියලූම පක‍ෂවලට වගකීම් පැවරෙන ආකාරයෙන් සිදුකරන ලදී.

ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසය දෙස බලන විට සාර්ථක වූ උත්සාහයන් මෙන්ම අසාර්ථක වූ උත්සාහයන්හිදීද ජනතා අදහස් ලබාගැනීම මෙන්ම විපක‍ෂය සදහා ඉඩකඩ විවර කිරීම දක්නට ලැඛෙන සාමාන්‍ය කරුණක් බවට පත්වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්නේ පාලක පක‍ෂයේ ප්‍රයෝජනය සදහා නොව එය රටේ මූලික ලියවිල්ල වන බැවින් පාලක පක‍ෂයේ අදහස් පමණක් නොව ජනතාවගේ අදහස් මෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක‍ෂවලද සමාජයේ පවතින අනෙකුත් සමාජ සංස්ථාවන්ගේද අදහස් ලබාගැනීම මෙන්ම සම්පාදක කාර්යයයට එම කණ්ඩායම් දායක කරගැනීමද වැදහත් වේ.

 

 නීතිඥ ජගත් ලියන ආරච්චි

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *