රත්නපුර නාය අවදානම ඉහළ යයි

දැඩි වර්ෂාපතනය නිසා ඇතිවූ නාය යෑම්වලින් රත්නපුර බැරැණ්ඩුව ප්‍රදේශයේ කාන්තාවක හා  අළුපොළ ප්‍රදේශයේ කුඩා ළමයෙකු මරණයට පත්වඇති අතර කහංගම නිවෙසකට පස් කන්දක් කඩා වැටීම නිසා පාසල් සිසුවෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.
මේ වනවිට ජලයෙන් යටවීම නිසා හා පස් කඳු කඩා වැටීම නිසා මාර්ග ගණනාවක් අවහිරව පවතින අතර ඇතැම් ප්‍රදේශවල දුරකථන සහ විදුලි සබඳතා ඇණහිට තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිසා භූ විද්‍යාඥ ඉංජිනේරු අභීත වනසුන්දර මහතා පවසන්නේ, රත්නපුර, කලවාන, කිරිඇල්ල, අයගම හා ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට නායයෑමේ දැඩ් අවදානමක් තිබෙන බවයි. මේ වනවිටත් ප්‍රදේශ කිහිපයක ජනයා ආරක්ෂිත ස්ථාන කරා පිටත්කර යවා ඇත.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසන්නේ, කොරෝනා වසංගත ව්‍යාප්තිය පිළිබඳවද සැළකිලිමත් වෙමින් ජනතාවට අවශ්‍ය පහසුකම් සළසන බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *