විහාර දේවාලගම් පනත ගැන අධිකරණ ඇමති බොරු කියනවා – මැදගම ධම්මානන්ද හිමි
රිෂාඩ් අල්ලන්න ගිහිං සිකුරිටි කුදලාගෙන එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහුගේ ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. මන්ත්‍රීවරයා සැඟව ඇතැයි පොලීසිය සැක කරන අතර ඔහු සිටින තැනක් දන්නේයැයි සිතා අදාල ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු ඇමතිවරයා භාවිතා කළ වාහන දෙකක් සහ ගිනි අවි දෙකක්ද මෙහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. නීතිපතිවරයා කළ නියෝගයක් අනුව රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් හයක් මෙහෙයුම් ආරම්භ කර තිබේ.
ඒ අතර නීතිපති නියෝගය මත බදූර්දීන් මහතාගේ අමාත්‍යංශයේ ගණකාධිකාරිවරයාව සිටි අලගරත්නම් මනෝරංජන් මහතා කිරුලපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී පුත්තලමේ සිටි අවතැන්වූවන් බස්රථ 222ක් යොදාගෙන ඡන්දය දීම සඳහා මන්නාරමට ප්‍රවාහනය කිරීම නිසා මහජන මුදල් අවභාවිතය හා මැතිවරණ නීති උල්ලංඝනය යන චෝදනා මත බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කර ඇත.