රිෂාද් ගන්න තරම් අපි මෝඩ නෑ – සුදර්ශන දෙනිපිටිය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන්ගේ නම පසුගිය කාලයේ ආන්දෝලනාත්මක සිදුවීම් හා ඇඳී තිබියදී ඔහු ආණ්ඩුව හා එක් කර ගැනීමට ජනපතිවරයා හා අගමැතිවරයා ක්‍රියා නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය පවසයි.

පාස්කු ප්‍රහාරය වැනි තිරශ්චීන කටයුත්තකට සහය දුන් කිසියම් අයෙකු වෙත්නම් දඬුවම් දීම විනා බලය පතා ඔහු ලං කරගැනීම පොදුජන පෙරමුණේ සිරිත නොවන බවද එවැනි කටයුතුවලට පක්ෂයේ සියලු දෙනා විරුද්ධ බවද බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයාද වන හෙතෙම පැවසුවේ බණ්ඩාරවෙල ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ, 19න් ආපස්සට ගිය රට ගොඩ ගැනීමට බවත් තුනෙන් දෙකක ජනවරමක් ඒ සඳහා ලැබී ඇති බවද සිහිපත් කළ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ විස්ස සම්මත කරගැනීමට රටට අහිතකර කිසිවෙකුගේ සහය අනවශ්‍ය බවයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *