රුපියල් 5000 දීමනාව ජුනි මාසයටත් ලබාදීමේ තීරණයක්
සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් පාලන නියෝජිතයන්ගේ රැස්වීමකදී මේ බව අනාවරණය විය. අප්‍රේල්, මැයි, ජුනි මාස තුන සඳහාම රුපියල් පන්දහසේ දීමනාව ලබාදෙන බව බැසිල් රාජපක්ෂ මෙහිදී ප්‍රකාශ කර ඇත.
වැඩිහිටි, ආබාධ සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් සඳහා මැයි මාසයට අදාළ රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇත. සෙසු පිරිස සඳහා ලබන 18 වැනිදායින් පසු දීමනාව ලබාදීමට නියමිතය.