රෝගීන් පිළිබඳ වාර්තා කිරීමේදී සම්මුතීන් අවශ්‍යයි – කෙහෙලිය

කොවිඩ් 19 වැළඳුණු රෝගීන් පිළිබඳව හෝ රෝගීන් යැයි සැකකරන තැනැත්තන් පිළිබඳව විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණයේදී ආචාර ධර්ම පිළිපැදීම පිළිබඳව සම්මුතියක් අවශ්‍ය බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි. අද (12) උදෑසන රජයේ සහ පෞද්ගලික විද්‍යුත් නාලිකාවල ප්‍රධානීන් සහ හිමිකරුවන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබියදී ejournalist වෙබ් අඩවිය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා පවසා සිටියේ මේ දිනවල මාධ්‍ය හැසිරෙන ආකාරය සමාජයට හානිකර හා වගකීම් විරහිත ස්වභාවයක් ප්‍රකට කරවන බවයි.

ඒ නිසාම ඊයේ දිනයේදී සියලු මාධ්‍ය ප්‍රධානීන් අමතා ධනාත්මක හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවක නිරත වෙන මෙන් ඉල්ලා ලිපියක් යොමුකරන්නැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නාලක කලුවැව මහතාට උපදෙස් දුන් බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙකී වගකීම් විරහිත මාධ්‍ය හැසිරීමකින් සමාජය ව්‍යාකූල තත්ත්වයකට පත්වීම නොවැළැක්විය හැකි බැවින් මාධ්‍ය නිදහස ආරක්ෂා කරගනිමින් ස්වයං විනයක් ගොඩ නගා ගැනීම මාධ්‍යයේ යුතුකම හා වගකීම බවයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *