රෝන්දෙ ගිය ආසාදිතයා පනස්හතක් නිරෝධායනයට යවයි

රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක. ජේ හෙට්ටිආරච්චි

කොරෝනා  රෝගියෙකු බලන්ගොඩ   ප්‍රදේශයේ වගකීම් විරහිතව  ඇවිදිම  හේතුවෙන්   අද (03) දා සවස  ඔහුගේ  පළමු ආශ්‍රිතයින්  පනස්  හත්දෙනෙකු  ස්වයං නිරෝධායනයට යෙමු කළ බව බලන්ගොඩ  සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

තිස්තුන් හැවිරිදි මොහු  අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය  කර ඇති  අතර  ඉකුත්  27 වැනිදා   පි.සි.ආර්  පරික්ෂණ  සිදු  කර ඇති අතර එම වෛද්‍ය වාර්තාව  ලැබිමට පෙර බලන්ගොඩ   කිරිමැටිතැන්න අබිමාන ගම ප්‍රදේශයේ ඇති  නිවසට පැමිණි   දින  හතරක්  ගත  කර ඇති අතර අද (03)  ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරිහු කිිහ. බලන්ගොඩ ප්‍රදේශයේ ක්‍රිඩා පිටිටනියක තරුණයන් පිරිසක් සමග ඔහු  ක්‍රිඩා  කර  ඇති  අතර  ඔහුගේ ආශ්‍රිතයින්  තවත්  විශාල පිරිසක් ඇති  බවත් ඔවුන්ද  හඳුනා ගැනීම සඳහා   කටයුතු කරන බවත් මහජන සෞඛ්‍ය  පරික්ෂක නිළධාරිහු වැඩිදුරටත් කිිහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *