ලලිත් සහ සෙනරත් මඟුල් මඩුවේ.

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට නියමිත මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි ඓතිහාසික මඟුල් මඩුව 
ඒ සඳහා සූදානම් කිරීමේ කටයුතු සොයා බැලීමට ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග හා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී 
සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් අද (10) මහනුවරට පැමිණියහ.
ආණ්ඩුවක කැබිනට් ඇමැතිවරු පිරිසක් ඓතිහාසික මඟුල් මඩුවේදී දිවුරුම් දෙන ප්‍රථම අවස්ථාව මෙය ලෙස ඉතිහාසගත වෙයි.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අනිද්දා (12) පෙරවරුවේ දිවුරුම්දීමේ උත්සවය ඉතා චාම්ව ගිහි පැවිදි 
සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්  සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට සැළසුම්කර තිබේ.
රජාධිරාජසිංහ රජු විසින් 1781 වසරේදී මෙහි ඉදි කිරීම් ආරම්භකර තිබෙන්නේ දේවේන්ද්‍ර මූලාචාර්ය තුමන්ගේ සැළසුමකට 
අනුවය. එහි වැඩ අවසන්කර තිබෙන්නේ සිංහලයේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසිනි. 
මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් 
වහන්සේලා පත්වන අවස්ථාවේ උන්වහන්සේලාට රාජ්‍ය 
නායකයා අතින් ශ්‍රී සන්නස් පත්‍ර පිළිගැන්වීමේ උත්සව මෑත
ඉතිහාසයේ මඟුල් මඩුවේදී පවත්වා තිබේ.
කැබිනට් ඇමැතිවරු දිවුරුම් දීමේ උත්සවයට මඟුල් මඩුව 
සූදානම් කිරීමේ කටයුතු සිදුවන අයුරු නිරීක්ෂණය කිරීමේ 
අවස්ථාවට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග
දෑල, යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, මධ්‍යම
පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, 
මධ්‍යම පළාත් යුද හමුදා ආඥාපති මේජර් ජනරාල් ජාලිය 
සේනාරත්න යන මහත්වරුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *