ලිංගික ඇසුර බෑ කිව්වම ලිංගය කපලා

නන්දන සම්පත් බළන්ගොඩ

බළන්ගොඩ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් නෙල්ලිවෙල ⁣ ඊපැත්තැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පනස් දෙහැවිරිදි පුද්ගලයෙකුගේ ලිංගයේ කොටසක් තියුණු පිහියකින් කැපීම නිසා අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයෙන් අද (13) දා බලන්ගොඩ මුලික රෝහට ඇතුලත් කර ඇතැයි පින්නවල පොලීසිය පවසයි.

බළන්ගොඩ නෙල්ලිවෙල ඊපැත්තැල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර තුවාලකරුගේ ලිංගය කැපීම සඳහා යොදාගත් පිහියද පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇත.

සැකකරු වයස අවුරුදු තිස් දෙකක එක්දරු පියෙකු වන අතර ඔහුගේ බිරිඳද මීට වසර කිහිපයකට පෙර ඔහු හැර ගොස් ඇතැයි පොලීසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත.

එම තිස් දෙහැවිරිදි පුද්ගලයා විසින් අද (13) දා පනස් දෙහැවිරිදි පුද්ගලයාට තම නිවසට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. එහිදී තිස් දෙහැවිරිදි පුද්ගලයා විසින් පනස් දෙහැවිරිදි පුද්ගලයාට ලිංගික හිංසනයක් කිරීමට තැත්කර පසුව ඔහුගේ පුරුෂ ලිංගයේ කොටසක් වෙන්වන ලෙස තියුණු පිහියකින් කපා දමා ති⁣බේ. සැකකරු සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පින්නවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.පී.අමරතුංග මහතාගේ උපදෙස් පරිදි පරික්ෂණ ආරම්භ කර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *