ලිදුල නගරාධිපති තනතුරෙන් නෙරපයි

තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති (එජාප) අසෝක සේපාල මහතාගේ සභාපති ධුරය මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද  (28) සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

සභාපතිවරයා සිදු කළ බව කියන දුෂණ වංචා සිද්ධීන් අටක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්විම සදහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරික්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය ගැසට් පත්‍රයක් නිකුත් කරමින් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මේ සම්බන්ධයෙන් තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපති අසෝක සේපාල මහාතගෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ  තම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු විසින් 2019 වසරේ මැයි මාසයේ චෝදනා 8 ක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් පාලන කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබු බවයි.

එම පැමිණිල්ලට අදාලව පරික්ෂණයක් පැවැත්වු බවත් එම පරික්ෂණ වාර්තාව ඉදිරිපත් නොකර එම චෝදනාවලටම  යළිත් පරික්ෂණයක් පැවැත්විම සදහා කොමිසමක් පත්කර තමන්ගේ ධුරය තාවකාලිකව අත්හිටුවා තිබෙන බවද ඒ මහතා කීය.

තම ධුරය අත්හිටුවීම හුදෙක් දේශපාලන පළිගැනිමක් බවත් තමන් ඕනැම පරික්ෂණයකට මුහුණ දිමට ඉදිරිපත් වීම සඳහා සූදානම් බවත් අශෝක සේපාල මහතා පැවසුවේය.

නිති විරෝධි ලෙස සේවකයින් සේවයට බදවා ගැනිම, විධිමත් ටෙන්ඩර් පටිපාටියක් ක්‍රියාත්මක නොකර නගර සභාව සතු ඉඩම් සහ ගොඩනැගිලි තාවකාලිකව බදුදීම, නිවැරදි පටිපාටියකින් තොරව ටෙන්ඩර් කැඳවීම, නගර සභා සිමාව තුළ ඉදිකර ඇති අනවසර ඉදි කිරිම් නතර කිරිමට පියවර නොගැනිම, නීති විරෝධි ලෙස නගර සභාවට ලේකම්වරයෙකු පත් කර ගැනිම යන චෝදනා ඇතුළු කරුණු 8 ක් සහිත චෝදනා පත්‍රයක් තමන් වෙත ඉදිරිපත් කර ඇති බවද සේපාල මහතා පැවසුවේය.

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *