ලිදුල නගරාධිපති නිලවරණය කල් යයි

තලවකැලේ ලිදුල නගර සභාවේ පුරප්පාඩු වි ඇති සභාපති ධූරය සදහා නව සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණය මන්ත්‍රිවරුන්ගේ ඝන පුර්ණය නොමැති නිසා මසකින් කල් තැබිමට මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා අද (05) තීරණය කරනු ලැබීය.

එම නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතාව මධ්‍යම පලාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් කොමිසමක් පත් කර එම කොමිසන් වාර්තාවේ නිර්දේශ මත සභාපති ධූරයෙන්  ඉවත් කිරීම නිසා අදාළ ධූරය පුරපුපාඩු විය.

නගර සභාවේ වැඩ බලන සභාපතිවරයා වශයෙන් නගරික සභා මන්ත්‍රී එස්.භාරතිදාසන් මහතාව තාවකාලිකව පත්කර තිබිණි.

පුරප්පාඩු වූ සභාපතිධුරයට  එම නගර සභාව නියෝජනය කරන නාගරික මන්ත්‍රිවරුන් 11 දෙනා අතරින් අයෙකු  නිලවරණයෙන් තොරාපත් කර ගැනිම සඳහා මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 10.00 ට  නගර සභා රැස්වීම් ශාලාවේදි නිලවරණය පැවැත්විමට කටයුතු සුදානම් කර තිබිණි.

නිලවරණය සඳහා ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් නගර සභාවේ සභාපතිධුරය සදහා තරග කිරිමට අපෙක්ෂාවෙන් සිටි චන්දන ප්‍රදිප් ගුණතිලක,පසාන් නිමාලක,ප්‍රසන්න විතානගේ යන මන්ත්‍රිවරුන් තිදෙනා පමණක් නිලවරණයට සහභාගි වි සිටියහ.

නිල වරණය පැවැත්වීම සඳහා  බහුතර මන්ත්‍රිවරුන් පිරිසක් සහභාගි නොවූ නිසා තමන්ට පනතෙන් පැවරි ඇති බලතල අනුව යළිත් නිලවරණය අප්‍රේල් මස 05 දින පැවැත්විමට තිරණය කළ බව මෙහිදි මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා කීය.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු වශයෙන් කටයුතු කරන මයිල්වාගනම් පරමානන්දන්,ලංකා කම්කරු කොන්ග්‍රසය නියෝජනය කරන එස් භාරතිදාසන්,නල්ලප්පන් කල්යානි,එන්.පාපති,එක්සත් ජාතික පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් වන එම්.ජේනු ලාබ්ඩින්,නඩේෂන් බාලමුරලි,ස්වාධින කණ්ඩායම් නියෝජනය කරන ඉෂාර මංචනායක ,කඳුරට ජනතා පෙරමුණ නියෝජනය කරන පලනිමුත්තු සුදාකරන් යන මන්ත්‍රිවරුන් මෙම නිලවරණයට  සහභාගි නොවුහ.

නිලවරණය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා විසින් කල් තැබීමෙන් අනතුරව මාධ්‍යයට අදහස් දැක් වු ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ එම නගර සභාවේ නාගරික මන්ත්‍රි චන්දන ප්‍රදිප් ගුණතිලක මහතා කියා සිටියේ තලවකැලේ ලිදුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා විසින් සභාපතිවරයෙකු තොරාපත් කර ගැනිමේ නිලවරණය කඩාකප්පල් කිරිමට කටයුතු කර තිබෙන බවයි.මෙදින තලවාකැලේ ලිදුල නගර සභා භූමියට පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබිණි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *