වටවල පාසල් සිසුවාට කොවිඩ්

වටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්‍රදේශයේ දාහත් හැවිරිදි පාසල් සිසුවෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනයවී තිබෙන බව  පි.සි.ආර් පරික්ෂණයකින් ඊයේ (26) තහවුරු වු බව  අඹගමුව කොවිඩ් -19 ප්‍රාදේශිය සම්බන්ධීකරණ විශේෂ ඒකකයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක එස් .කාමදේවන් මහතා පවසයි.

හැටන් කළාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ 12 වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවා කොළඹ සිට පැමිණි අයෙකු වීම නිසා පෙරේදා (25) පාසලට ගිය අවස්ථාවේ  විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය විසින් ඔහුව පාසැලට බාරගෙන නොමැත. මෙම සිසුවා ඔහුගේ මිත්තනිය සමඟ පාසල් නිවාඩුවට ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ දෙමව්පියන් පදංචි නිවසට ගොස් පාසැල් ආරම්භ විමෙන් පසු (24) දින යළි වටවලට පැමිණ ඇත.ඒ එන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොළේදී අහඹු ලෙස පාසල් සිසුවා සහ මිත්තනිය පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර තිබේ.

සිසුවාගේ පී.සී.ආර් වාර්තාව ඊයේ (26) ලැබුණු බවත් මිත්තණියගේ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවත් කාමදේවන් මහතා කීය. කොවිඩ් ආසාදිත සිසුවා පැමිණීම නිසා කුයිල්වත්ත පාසැල් භූමිය ඊයේ (26) විෂබීජ හරණයට ලක්කර ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *