වටවල මවුන්ජින් වත්ත හුදෙකලා කරයි
අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත අද (28) සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කල බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ක්‍රිෂාන් පේමසිරි මහතා පවසයි.
හැටන් වටවල පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයන් ඇතුළු 59 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වූ බවට හඳුනා ගැනීමත් සමඟ මෙම තීරණය ගත්බව ඒ මහතා කීය.
හුදකලා කර ඇති වටවල මවුන්ජින් වතුයායේ පවුල් ගණනාවක් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට නියමිතය.එම අසාදිතයින් සියලු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.