වත්තට බෝලය ආවාට සිසුවාට වෙඩි තැබූ දොස්තර රිමාන්ඩ්
මහරගම ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීම නිසා අත්අඩංගුවට පත් වූ වෛද්‍යවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා නියෝග කර ඇත. ලබන මස 02 වැනිදා දක්වා මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු වන තාරක ප්‍රියජීව ඇල්විටිගල නමැත්තාය.
වායු රයිෆල වෙඩි ප්‍රහාරයට ලක් වූ සිසුවා මේ වනවිට කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇත.
මෙම සිසුවා මිතුරන් සමග පාසල් ක්‍රීඩා පිටියේ පන්දු ක්‍රීඩා කරමින් සිටියදී පන්දුව යාබදව පිහිටි වෛද්‍යවරයාගේ ඉඩමට ගොස් ඇත. එම අවස්ථාවේ මිතුරන් සමග ගොස් පන්දුව ඉල්ලා සිටි සිසුවා සමග උරණ වූ වෛද්‍යවරයා පසුව පැමිණ ක්‍රීඩාංගණයේ තාප්පයක වාඩි වී සිටි සිසුවාගේ පපුවට වායු රයිෆලයෙන් වෙඩි තබා ඇත.
වෛද්‍යවරයා දිගින් දිගට වෙඩි තැබීමට සූදානම් වන අවස්ථාවේ සිසුවාගේ මිතුරන් ඔහු වළක්වා ඇති අතර රෝහල් ගත කළ සිසුවාට සැත්කමක් සිදු කර ඇත.