වතුකරයට දෙන රු 1000 ඇඩ් එකක් විතරයි

වතු කම්කරුවන්ට 2021 ජනවාරි මස සිට අයවැයෙන් යෝජනා වු රු දහසක දෛනික වැටුප මුලික වැටුපක් වශයෙන් වතු කම්කරුවන්ට ගෙවිය යුතු බව අවධාරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ථ ලංකා වතු කම්කරු සංගමය (06) දින හැටන් නගර මධ්‍යයේ නිහඩ විරෝධතාවයක නියැලිණ. සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාමකාමි විරෝධතාවය පැවැත්විණ.

මෙම විරෝධතාවයේදි මාධ්‍යයට අදහස් දැක් වු එම සංගමයේ සභාපති කිට්නන් සෙල්වරාජ් මහතා කියා සිටියේ. අද වෙනකොට රට තුල කොරොන තත්ත්වයක් මතු වෙලා තියෙනවා, මධ්‍යම කදුකරයේ වතු සමාජිය මුහුණ දිලා තියෙනවා. එ නිසා තමයි මේ නිහඩ විරෝධතාවය සිදු කරන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට එන්න කලින් කිව්වා වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් දෙනවා කියලා. මුදල් ඇමති සහ අග්‍රාමාත්‍යයවරයා ඇයවැයට ඉදිරිපත් කරලා තියෙනවා වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් දෙනවා කියලා. එවා නිකම් කිව්වට වැඩක් නැ , වතු 449 ම පාලනය කරන්නේ බහුජාතික සමාගම් නැත්තම් හාම්පුත්තු. එවා පෞද්ගලික ආයතන , පෞද්ගලික ආයතන වැටුප් වැඩි කරන්න රජය කටයුතු කරනවානම් රජයේ වැඩපිලිවෙල මොකක්ද?

අද වතු කම්කරුවන්ට රු 750 ක් දෙනවා. රටේ වතු කම්කරුවන් එක් ලක්ෂ තිස් තුන්දහසක් ඉන්නවා , තව රු250 ක් දෙන්න ඕනි රජයෙන් රු දහසක් වතු කම්කරුවන්ට ලැබෙන්න. එහෙනම් එක දවසකට රජය බිලියන 12 ක් මේ සදහා වෙන් කරන්න ඕනි , රජය මෙම මුදල වෙන් කරලද තියෙන්නේ?

මේක දෙන්නේ කොහොමද කියන එක රජය පැහැදිලි කරන්න ඕනි. එහෙම කිසිම ක්‍රමවේදයක් හදලා නැ. ඊලග ජන්ද ගුන්ඩුව තමයි මේ දාලා තියෙන්නේ. රු දහස වෙළඳ ප්‍රචාරයක් වෙලා තියෙන්නේ, රනිල් මෛත්‍රිත් කිව්වා වතු කම්කරුවන්ට රු දහසක් දෙනවා කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වා මම ජනාධිපති වුණාම රු දහසක් ලබා දෙනවා කියලා. අගමැතිවරයා තොණ්ඩමන්ගේ මළ ගෙදර ගිහින් කිව්වා තොණ්ඩමන් මහතා මැරෙන මොහොතෙත් කිව්වේ රු දහස ගැන කියලා. එ නිසා රු දහස දෙනවා කියලා. සමස්ථ ලංකා වතු කම්කරු සංගමය රජයට අනතුරු අගවනවා බොරු කරන්න එපා , හදලා තියෙන ක්‍රමවේදය කියන්න. කොලේ වහලා ගහන්ඩ යනවනම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේද , මහින්ද රාජපක්ෂ මහතාගේද ආණ්ඩුව කියලා අදාල නැ . ආණ්ඩුවට විරුද්ධව සමස්ථ ලංකා වතු කම්කරු සංගමය ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සමග එකතු වෙලා මේ සටන ඉදිරියට අරගෙන යනවා.

20 නෙවෙයි 21 සම්මත කලත් මේ ආණ්ඩුව පලවා හරින්න සමස්ථ ලංකා වතු කම්කරු සංගමය සටන් කරනවා. වතු කම්කරුවන් රු දහසක් අනිවාර්යෙන්ම දෙන්න ඕනි කියලා අපි ආණ්ඩුවට බල කරනවා යනුවෙන් පැවසිය. මෙහිදි අදහස් දැක් වු ජනතා විමුක්ති පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ උපදේශක මංජුල සුරවිර මහතා කියා සිටියේ, මෙතෙක් පැවති රජයන්වල  නායකයින් වතු කම්කරු ජනතාවගේ ජන්දය ලබා ගැනිම සදහා විවිධ පොරොන්දු ලබාදි එම පොරොන්දු මෙතෙක් ඉටු කර නොමැති බවයි. වතු කම්කරුවන් නියෝජනය කරන වතුකරයේ දේශපාලන නායකයින්ද වතු කම්කරුවන්ව රවටා රටේ පාලකයින් සමග එක් වි කටයුතු කරන බවයි.

වතු කම්කරුවන්ගේ රු දහසක වැටුප මුලික වැටුපක් වශයෙන් ලැබිය යුතු බවත් , එම වැටුපට සෙසු දිමනා  ඇතුළත්ව එම වැටුප 2021 ජනවාරි මස සිට ලැබිය යුතු බවයි මංජුල සුරවිර මහතා කියා සිටියේ. මෙම නිහඩ විරෝධතාවයට සමස්ථ ලංකා වතු කම්කරු සංගමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් රැසක් සහභාගි වි සිටියහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *