වතුකරයේ ඡන්ද උණුසුමට ගෙනා අරක්කු අල්ලයි

බලපත්‍රයක් නොමැතිව මත්පැන් බෝතල් 928 ක් ලග තබාගත් සැකකරුවෙකු හැටන් පොලිසිය විසින් (03) දින අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව  අධිකරණය හමුවේ වරද පිළිගත් නිසා චුදිතට රු ලක්ෂයක දඩ මුදලක් සහ වසරක සිර දඩුවම් නියම කර එය වසර 25 කට අත්හිටවනු ලැබීය.

මෙසේ දඩ මුදල් සහ අත්හිට වු සිර දඩුවම් නියම කරනු ලැබුවේ දික්ඔය දරවල වත්තේ පදිංචි සුබ්‍රමණියම් ප්‍රියනේෂන් නැමති 41 හැවිරිදි අයෙකුටයි.

හැටන් පොලිස් වසමට අයත් මල්ලිඅප්පුව ප්‍රදේශයේ ළදු කැලැවක මෙරට නිෂ්පාදනය කරන රජයේ අනුමත මිලිලිටර් 180 මත්පැන් බෝතල් 867 ක් , මිලිලිටර් 750 මත්පැන් බෝතල් 61 ක් හැටන් පොලිසිය විසින් (03) දින පස්වරුවේ සැකකරු සමග අත්අඩංගුවට ගත්තේය.

මැතිවරණ සමයේ මත්පැන් අලෙවිසැල් වසා දමන නිසා වතු කම්කරුවන්ට අධික මිලකට මත්පැන් අලෙවි කිරිම සදහා චුදිත විසින් මත්පැන් බෝතල් තොගය ඉතා රහසිගතව ළදු කැලැවේ සගවා තිබු බවටයි හැටන් පොලිසිය විසින් කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතාගේ උපදෙස් පරිදි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන, හැටන් පොලිසියේ ස්ථානාධිපති උපොප කුලසුරිය, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උපොප පුෂ්පකුමාර, රථ වාහ අංශයේ පොසැ මුණසිංහ (33252) , පොකො විජේකොන් (81097) යන නිලධාරින් සැකකරු සහ මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කලහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *