වතුකරයේ පාසල් විෂබීජහරණය කරයි
හෙට 23 වැනිදා පාසල් ආරම්භ කිරීමට පෙර වතුකරයේ සියලු පාසල් විෂබීජහරණය කිරීමට අද දිනයේ පියවර ගත් බව ප්‍රදේශ රැසකින් වාර්තා වෙයි.
හැටන් දික්ඔය නගර සීමාවට අයත් වතුකර පාසල් හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවකයන් යොදවා විෂබීජහරණයට පියවර ගත් අතර පාසල් දරුවන් සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුව පාසල් වෙත ඇතුළත් කරගන්නා මෙන් උපදෙස් ලබා දී ඇත. ඊට හේතුව වතුකරයේ පාසල් සිසුන් ඇතමෙකුගේ සමීපතමයන් කොවිඩ් ආසාදනයව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමුකර තිබීමයි.
වතුකරයේ විදුහල්පතිවරුන් පවසන්නේ සියලු පංතිවල සිසුන් එකම දිනයේ පාසල් වෙත නොකැඳවා මාරුවෙන් මාරුවට කැඳවීමට තීරණය කර ඇති බවයි.