වතුකර⁣යට රහසේ පැමිණි පිරිස් නිරෝධායනය කරන බව මැයි දින සැමරුමේදී තොණ්ඩමාන් කියයි.

පසුගිය දින කිහිපය තුළ කොළඹ ප්‍රදේශයේ රැකියා වල නිරතව සිටි වතුකරයේ හත්දහසක පමණ පිරිසක් සෞඛ්‍යය අංශ උපදෙස් නොමැතිව විවිධ උපක්‍රම භාවිත කරමින් වතුකරයට පැමිණ තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ මේ සම්බන්ධව ලබන 10 දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් කී අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා එම සාකච්ඡාවෙන් අනතුරුව මෙම පිරිස නිරෝධායනයට යොමු කිරිමට පියවර ගන්නා බව අද (01) ප්‍රකාශ කළේය. මෙවර කම්කරු දින උත්සවය හැටන් කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස්  මුලස්ථානයේදි සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සැමරූ අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.

වතු කම්කරුවන්ගේ රුපියල් දහසක වැටුප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහත්වරු ප්‍රමුඛ රජය මගින් ලබාදෙන බවද අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා හින්දු චාරිත්‍රානුකූලව ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ධජය ඔසවා කම්කරු දිනය ඉතා චාම්ව සමරනු ලැබීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තොණ්ඩමන් මහතා පැවසුවේ  කොවිඩ් -19 වෛරසය පැතිර යාමේ අවධානම නිසා මෙවර මැයි දින උත්සවය සැමරිමට නොහැකි වු බවයි.
මැයි දින සැමරුමට වඩා වතු ජනතාවගේ සහ රටේ ජනතාවගේ සෞඛ්‍යය තත්ත්වය වැදගත් බවත් නිවාස වලම රැඳී සිට  මැයි දිනය සමරන ලෙස තමන් වතු ජනතාවගෙන් ඉල්ලා සිටි බවත් ඒ මහතා කීය

අවධානම් කලාපයන්හි රැකියාවල නිරතව සිටින වතුකරයේ තවත් තුන්දහස් හත්සීයක පමණ පිරිසක් ලියාපදිංචිවී සිටින බවද හෙතෙම කීය.

අද ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමේ මෙම අවස්ථාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයින් කිහිපදෙනෙකුද සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *