වතුර බිල වැඩිවෙන්නේ නැහැ – වාසු

ජල ගාස්තු ඉහළ නැංවීමක් කිසි ලෙසකින් හෝ නොකරන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොවිඩ් තත්ත්වය හමුවේ ජනතාව යම් දුෂ්කරතාවකට පත්ව සිටින මේ අවස්ථාවේ ජනතාවට බරක් වන අයුරින් කිසිදු ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකළ යුතු බව ආණ්ඩුවේ ස්ථාවරය බවද ඒ මහතා කීය.

භූ විද්‍යාඥයින්ගේ 37 වන සමුළුව හා එම විෂයට අදාළ පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීම නිමිත්තනේ මහනුවර විලියම් ගොපල්ලව මාවතේ පිහිටි ඕක්රේ හෝටලයේදී පෙරේදා (25) පැවැති සමුළුවකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙරට ජනගහණයෙන් 70% ක් පමණම මෙම අර්බුදකාරී අවස්ථාවේ යම් ආකාරයක පීඩනයකට ලක්ව සිටින බවත් ඔවුන්ට සහනයක් මිස තවත් ජීවන බරක් එකතු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *