A tea plantation worker rests after returning with the tea she plucked in the morning session of work in the Nuwara Eliya district of Sri Lanka on Feb. 5. Tharaka Basnayaka/NurPhoto via Getty Images

වතු කම්කරුවන්ට 1000 දෙන්න – අස්ගිරි විහාරය

වතු කම්කරුවන්ගේ වැටුප රු දහස දක්වා වැඩි කිරිමට වතු සමාගම් කටයුතු කල යුතු බව අස්ගිරි පාර්ශවයේ  ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමි පැවසූහ.  උන් වහන්සේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් (03) දින ඒ බැව් පැවසූහ.

අස්ගිරි පාර්ශවයේ  ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් මාධ්‍යයට වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ “වත්මන් ජනාධිපතිතුමා , අගමැතිතුමා , අභවප්‍රප්ත හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතා ඇතුළු රජය වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු දහසක් කරන්න ඕනි කියලා ඉල්ලිමක් කරා. ඒ අනුව වත්මන් රජය වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් ලබාදෙන්න කැබිනට් අනුමැතිය ලබාදිලා තියෙනවා. රටේ ආර්ථිකය ඉහල දැමිමට විශාල අතහිත ලබාදෙන පිරිසක් ලෙස වතු කම්කරුවන්ව අපි දකිනවා. වතු සමාගම්වල සිටින පරිපාලන නිලධාරින් මේ පිලිබදව විශේෂ අවධානම යොමු කර වතු කම්කරුවන්ට රු දහසක වැටුපක් ලබාදිමට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.” යනුවෙනි.

“ජිවන් තොණ්ඩමන් මහතා වතු කම්කරුවන් වෙනුවෙන් ඇප කැප වි කටයුතු කරනවා, එතුමාත් වතු සමාගම් විසින් වතු කම්කරුවන්ට රු දහසක දෛනික මුලික වැටුපක් ලබා දිමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා යනුවෙන්  නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *