වයස්ගතම කොරෝනා මරණය ගාල්ලෙන්
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසන්නේ ලංකාවෙන් වාර්තා වන තොරෝනා ආසාදනය නිසා මිය ගිය වයස්ගතම මරණය අද (7) ගාල්ලෙන් වාර්තා වූ බවයි.
කරාපිටිය පීටර් කිරිංගොඩ මාවතේ පදිංචිව සිටි වයස අවුරුදු 103ක් වූ කාන්තාවක් මෙසේ මිය ගියා ය. ඊයේ සිය නිවසේ දී මරණයට පත් වූ ඇයගේ දේහය කරාපිටිය රෝහලට රැගෙන ඒමෙන් අනතුරුව කළ පී.සී.ආර් පරීක්ෂණයේදී ඇයට කොවිඩ් 19 රෝගය වැළඳී තිබූ බව තහවුරු ව තිබුණි.
ඇයගේ මරණයත් සමග අවුරුදු තුනක දරුවෙකු ඇතුළු ඥාතීන් 07 දෙනෙකු නිරෝධායනය තර තිබේ. මෙම මරණය ගාල්ලෙන් වාර්තා වන 17 වන කොරෝනා මරණයයි.