වර්ෂා නිමිති කියන ගස් වැල්

එලඹෙන වර්ෂාවේ ස්වභාවය ගැන තමා සිටින වට පිටාවෙහි සිදුවන සියුම් වෙනස්කම් නිරික්ෂණය කොට නිගමනවලට එලඹීමට පැරුණියෝ පුරුදු වී සිටියහ. ගස් වැල් තම වර්ගයා බෝ කිරීම උදෙසා විවිධ පියවර අනුගමනය කරයි. විශේෂයෙන් මල් පරාගණය සඳහා ගෙඩි නැවත බෝ වීම සඳහා අලූත් මුල් අතු රිකිලි එලඹෙන නියං කාල වලට හෝ වර්ෂාවට ඔරොත්තු දීම සඳහා සූදානම් කිරීමට ආදි වශයෙන් විවිධ උපක්‍රම ගස්වැල් නිරන්තරයෙන්ම භාවිතා කරයි. එම සංසිද්ධින් ඉතා නිවැරදිව නිරික්ෂණය කල පැරුණියෝ කාළගුණය පිළිබඳ ඉතා සූක්ෂමව නිගමනොවලට එලඹුනහ.

ඒවායින් එදිනෙදා ජීවිතයේ නිරීක්ෂණය පහසු නිගමනය කිරිමට පහසු උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

01. නියඟලා ශාකය (නියඟලා අල) ඉඩෝරයට අල

නියඟලා මල්

නියඟලා කොළ හටගෙන සති 02 ක් ඇතුළත වර්ෂාව
නියඟලා මල් පිපෙන්නේ වෙසක් සහ ඉල් මාසවලය. පදවිය ආශ්‍රිත ප්‍රදේශවල මෙම කාලය පොළව ඇඹුල් කාලය යැයිද ඌව අම්පාර ප්‍රදේශවල මෙය පොළව තිත්ත යැයිද කියයි. මෙම කාලයට විද්‍යාඥයන් පොළව ආම්ලික යැයිද කියනු ලැබේ. මෙය මෝසම් වර්ෂාව සක්‍රීය කාලයයි. එය පැළ සිටු විමට කිසිසේත් නුසුදුසුය.

2. වැඩි දිවුල් ඵලදාව – යහපත් වැසි
3. වැඩි ඛෙලි ඵලදාව – යහපත් වැසි
4. වැඩි ගල් සියඹලා ඵලදාව – යහපත් වැසි
5. වැඩි අඹ මල් – යහපත් වැසි
6. වැඩි මොර මල් – යහපත් වැසි
7. කුඹුක් ගසේ පත්‍ර මල් ගෙඩි වැඩි නම් – මහ වැසි
8. කොහොඹ මල් කොළ වැඩි නම් – යහපත් වැසි
9. නා මල් කොළ වැඩි නම් – ආහාර බහුල වේ
10. බෝ ගස් වල ගෙඩි වැඩි නම් – ධාන්‍ය අස්වැන්න සරුය
11. මාර ගස් වල පත්‍ර වැඩි නම් – මුං වගාව සරුය
12. ජම්බු ගස් වල මල් වැඩි නම් – උඳු අස්වැන්න වැඩියි
13. මිදෙල්ල මල් දළු වැඩි නම් – සති 2 කින් අනිවාර්ය්‍ය වැසි
14. කටු පිල මල් වැඩි නම් – වර්ෂාව වැඩියි
15. වැඩි ගල් සියඹලා ගෙඩි – කන්නයේ වැඩි වැසි
16. පුවක්, පොල්, කිතුල්, අළුත් මුල් ප්‍රමාණය වැඩි නම් – වැඩි වැසි

17. දළුක් – පතොක් කුලයට අයත් ශුෂ්ක දේශගුණ ශාකයක් වන දළුක් ගස වර්ෂාවට ඉතා සංවේදිය. එම නිසා පත්‍ර රළු ස්භාවයක් මෙන්ම පත්‍ර මතුපිට කටු ස්භාවයක්ද ඇත. සූර්යාලෝකයට ඉතා සංවේදී දළුක් ගස ඉඩෝරයකදි තව තවත් ජලය තැම්පත් කර ගැනීම සඳහා දළු ලියලයි. එම නිසා ගස ලියලයි නම් ඉදිරියේ ඉඩෝරයක් බව පැරුන්නෝ දත්හ. එමෙන්ම දල්ල පහත් වී දම්පාට වේ නම් (උල් හැඩය රවුම් වේ) ඉඩෝරය අවසන්ය. සති 1-2 අතර වැසි ඇති වේ.

18. තල් ගස් – ගෙඩි

තල් ගෙඩි පොළවට වැටී මුල් කිඳා බසී. (මුල් දුවයි) මෙසේ මුල පොළවට කිඳා බසින්නේ ජල පෝෂකයක් (භූගත ජල මට්ටම) සෙවීමටයි. එම නිසා මුලේ දිග අඩුනම් ලඟ වැසි යැයි නිගමනය කල හැක. මෙම සිද්ධිය වටහා ගත් ගොවියන් වැල්ලේ තල් ගෙඩි දමා මුලෙහි දිග වැඩි කර ගන්නා අතර එය කොට්ටකිලංගු ලෙස ආහාරයටද ගනී.

වැඩි නම් බෝ ගසේ ගෙඩි කුරහන් සිටුවා
පිපි නම් ජම්බු මල් උඳු පලබර ඇතුවා
කොලනම් මාර ගස් මුං අස්වනු සරුවා
නා මල් කියයි රන් දහදිය ඵල දැරුවා

අඹ මල් දිවුල් ඛෙලි ගල් සියඹලා වැනී
මොරමල් කුඹුක් මල් ඵල තුරු වෙලා ගනී
ඇති නම් කොහොඹ මල් සහ ගෙඩි කනක මෙනී
කන්නය සුභයි වැස්සෙන් ගොවි රජානෙනී

  • මහේන් සූරි

වර්ෂා නිමිති පවසන රාත්‍රී අහස
1. හද්දින්නත් තරු පොකුරේ තරු 7 ම දර්ශනය වීම – වර්ෂාව ලඟ ගෙනදේ.

මෙසේ සිදු වන්නේ ජලවාෂ්ප ගෝලය උත්තල කාචයක් ලෙස ක්‍රියාකර තරු හොඳින් දර්ශනය වීමයි.
2. සඳ විශාලව පෙනීම – වර්ෂාව ජලවාෂ්ප ගෝලය උත්තල කාචයක් ලෙස ක්‍රියාකර-
3. චන්ද්‍ර මණ්ඩලය – වර්ෂාව
4. සඳුගේ පිහිටීම වෙනස් වීම – වර්ෂාව
මෙය නිරීක්ෂණය කිරිමට සාපේක්ෂතාව ප්‍රයෝජනයට ගත යුතුය. පැරුණියෝ තවත් ස්වභාවික වස්තුවක් (ගසක් හෝ පිහිටි ගලක්) පිහිටීමට සාපේක්ෂව සඳේ පිහිටීමෙහි වෙනස අනුව මෙම වර්ෂා නිමිත්ත හැඳින්වූහ.
මෙහිදී සිදුවන්නේ ජල වාෂ්ප ස්ථරය නිසා සඳෙහි පිහිටීම වර්තනය වී පෙනීමයි.

මහේන් සූරී

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *