වසංගත කාලේ ගඟබඩ කෑම වේලේ රඟ

ඇමස්ටර්ඩෑමයේ හරිතාගාර (green house) භෝජන අවකාශ සංකල්පය පාරිභෝගිකයන්ට අපේක්ෂාවේ මන්දාලෝකයක් උදා කරලා. තැම්බෙන වීදුරු පෙට්ටි වැනි සංකල්ප අනාගතයේ උදාවන්නට නියමිත තත්ත්වය ගැන නොපහන් හැඟීම් මතුකරමින් තිබියදී, වැඩිපුර චාම් බවක් ගැබ් වූ මේ පොපියන ඉග්ලූ නිවහන් වඩා ජනප්‍රිය වෙමින් ලොව වටා පැතිර යනු ඇති.

අපට මඟ හැරුණු එක් දෙයක් වේ නම් ඒ යහළුවන් ඇසුරු කිරීම සහ ඔවුන් හා එක්ව යමක් කෑමේ සරල ප්‍රීතිය භුක්ති විඳීමයි. කොහොම වුණත් සීමා කිරීම්වල පශ්චාත් අවධියේදී සෙසු ව්‍යාපාරවලට වඩා අවන්හල් සහ විනෝද ස්ථාන පවත්වා ගෙන යාම  වඩාත් දුෂ්කර ප්‍රයාණයක් වන්නට පුලුවන්. චීනයේ සමහර මුල් පෙළේ අවන්හල් දාමවල රාත්‍රී භෝජන මේස ප්ලාස්ටික් තිරවලින් වෙන් කිරීමට  යමිකිසි තැනක් ලැබී තිබෙන නමුත්, අපට අවන්හලකදී දැනෙන්නේ රැඳවියන් වගේ හැඟීමක් නම් ඉන් එහි අරමුණ බිඳ වැටෙනවා.

Mediamatic Eten නමැති, ඇමස්ටර්ඩෑමයේ ගඟක් අසබඩ නිර්මාංශ අවන්හලක නිර්මිත කුඩා ආශ්වාදජනක දෙයක් පාරිභෝගිකයන්ට මහත් සහනයක්ව තිබේ. ‘Serres Séparées’ ලෙස ඔවුන් නම්කොට ඇති නව වීදුරු ගෘහයේ, දෙදෙනෙකුට පහසුවෙනුත් තල්ලු වෙලා තුන්දෙනෙකුටත් අහර කිස අපේක්ෂාවෙන් අසුන් ගන්නට පුලුවන්. හුදෙකලාව කෑම කන්නට ආවත් ඔබ පිළිගැනෙනු නියතයි. රෑ අහර කිස පිළිගන්වන්නේ ඉතා සරළ වුණත් අවන්හල් සේවකයන්ට අඩි හයක දුරස්ථ බව ඉත්තේරුවෙන්ම තහවුරු කරගන්නට ලැබෙන දිග දැව පෝරුවල.

එහි ඵලය තවමත් සමාජ දුරස්ථ බව පවත්වා ගන්නට සිදුව තිබෙන පාරිභෝගිකයන්ට,  ගෙදරින් පිටත ආත්මීය සුයාමයක් උදා වීමයි. කොහොමවුණත්, බලධාරීන්ගේ අනුමැතිය ලැබෙනතෙක් මේ කටයුත්ත පවතින්නෙ අත්හදාබැලීමේ අවධියේ. අවන්හලක් වගේ පිටස්තර තැනකදි කා එක්ක හරි රෑ කෑමවේලක් ගතයුත්තේ කොහොමද කියන කාරණය ගැන නම් ඉන් වඩා ධනාත්මක අදහසක් ලැබෙනවා. Mediamatic eten අවන්හල Mediamatic Biotoop කියල තියෙන කලාව, සොබාදහම, නිර්මාණකරණය  හා සමාජය යාකරන ව්‍යවසායක මධ්‍යස්ථානයේ උප ව්‍යාපාර අවන්හලයි.

ඡායාරූප Mediamatic eten ජාලයෙනි. secretnyc.co අවකාශයේ පළ වූ ලිපියක අනුවාදයකි – ලසන්ත ද සිල්වා.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *