වහා පත්වීම් දෙන්නැයි ඌවේ ගුරු විභාග සමතුන් ඉල්ලති

ගුරු විභාගය සමත් ඌව පළාතේ සියලු දෙනාට වහා පත්වීම් ලබාදෙන ලෙස බලකරමින් අද (25) බදුල්ලේදී නිහඬ විරෝධතාවක් පැවැත්විණ. මෙම නිහඬ විරෝධය සංවිධානය කළේ ඌව පළාතේ ගුරු විභාග සමතුන්ගේ එකමුතුව සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධීධාරීන්ගේ සංගමයයි.

විරෝධතා වැකි සහිත පුවරු රැගත් ගුරු විභාග සමතුන් බදුල්ල සේනානායක පිටියේ සිට නිහඬව පා ගමනින් පැමිණ ඌව පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට රැඳී සිටිමින් විරෝධය පළ කළ අතර ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි සහ ගුරු විභාගය සමතුන්ගේ සංගමයේ ලේකම් කේ.ඒ.සී.ජේ නන්දසේනද පිරිස එක්ව සිටියහ.

විභාග සමතුන්ට ගුරු පත්වීම් ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවරයා මුණ ගැසීමට අදහස් කළ නමුත් එය නොහැකි වීම නිසා ඔහුට ලිපියක් භාර දෙන්නට උත්සාහ ගත් බවත් ආණ්ඩුකාර ඒ.ජේ.එම් මුසම්මිල් කාර්යාලයේ රැඳී නොසිටි බැවින් එළඹෙන සතියේ ඔහු හමුවීමට අවස්ථාව ලබාදෙන බවට ඌව පළාත් අධ්‍යාපන ලේකම් සන්ධ්‍යා අඹන්වල පැවසූ නිසා තාවකාලිකව විරෝධය අවසන් කළ බවත් තැන්නේ ඥානානන්ද හිමියෝ පැවසූහ.

ඌව පළාතේ පත්වීම් නොලද ගුරු විභාග සමතුන් 853 දෙනෙකු සිටින අතර ගුරු පුරප්පාඩු 1285කට වඩා පවතින බවද තැන්නේ ඥානානන්ද හිමි පැවසූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *