වික්ටෝරියා දේශපාලනයට ගාවන්න එපා – මධ්‍යම ආණ්ඩුකාරවරයා –

පිරිස නිරීක්ෂණයේ යෙදෙමින්

පල්ලේකැලේ ප්‍රදේශයේ ඇතිවූ භූ කම්පන වලින් වික්ටෝරියා වේල්ලට කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විශේෂඥයින් පැහැදිලිව ප්‍රකාශකර තිබියදී ඇතැම් දේශපාලන කණ්ඩායම් පටු දේශපාලන අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා ජනතාව තුළ වැරදි අදහස් ඇතිකර ඔවුන් කුපිත කිරීමේ උත්සහයක නිරතව සිටින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසයි.
දේශපාලන ගමන මඟ ගොඩනගා ගැනීම පිණිස ජනතාව නොමඟ යැවීමේ අරමුණින් සාවද්‍ය ප්‍රකාශ කිරීමට වඩා දේශපාලනඥයින් උත්සහ කළ යුත්තේ ජනතාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍යය සහයෝගය ලබාදීම බවද ඒ මහතා කීය.
වික්ටෝරියා වේල්ලේ නිරීක්ෂණ චාරිකාවකට එක් වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා ඊයේ (22) මේ බව ප්‍රකාශ කළේය.
පල්ලේකැලේ ආශ්‍රිතව සිදුවූ භූ කම්පන පිළිබඳව විශේෂඥයින් පරීක්ෂණ සිදුකර මේවන විට වාර්තාවක් සකස් කර තිබෙන බවත් එම කම්පන වලින් වික්ටෝරියා වේල්ලට බලපෑමක් සිදුව තිබෙන බවට කිසිදු සාධයකයක් නොමැති බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙම භූ කම්පන නිසා පල්ලේකැලේ ආශ්‍රිත ජනතාව කිසියම් තැතිගැන්මකට පත්ව සිටින බවත් ඉන් ප්‍රයෝජන ගෙන ඇතැම් දේශපාලන කණ්ඩායමක් ඔවුන් උසිගැන්වීමට කටයුතු කරමින් සිටින බවත් කී ආණ්ඩුකාරවරයා හුණුගල් කැඩීම හා භූ කම්පන අතර සම්බන්ධතාවක් නොමැති බව මේවන විට හෙළිවී තිබෙන බවද අවධාරණය කළේය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න,මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්,ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ (ජලාශ හා වේලි) රෝහණ අරුප්පල,වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ඉංජිනේරු වසන්ත ඇහළපිටිය,පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් ගුණතිලක යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *