ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සැකසහිත මරණයක් ඥාතීන්ට දීලා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී මියගිය කොවිඩ් 19 රෝගය වැළඳී ඇතැයි සැක කරන රෝගියෙකුගේ ආදාහනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට රෝහල් බලධාරීන් අනුබල දී ඇතැයි වාර්තා වේ. සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසන්නේ පිළියන්දල පදිංචි අසූ හැවිරිද මෙම රෝගියා ශ්වසන රෝග තත්ත්වයක් මත රෝහල් ගතව සිටියදී මිය ගොස් ඇති බවත් මියයාමට පෙර ලබාගත් ඔහුගේ ජෛව සාම්පල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ පරීක්ෂණාගාරයේදී පරීක්ෂා කරනු ලදුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවත් ය. එමනිසා ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී තිබී ඇත්තේ, කොවිඩ් 19 ආදාහන මූලධර්ම අනුගමනය කරන ලෙසටයි.
වෛද්‍ය ජයන්ත බණ්ඩාරට අනුව එසේ තිබියදී, රෝහල් කළමනාකාරීත්වය පෙරේදා (28) මියගිය තැනැත්තාගේ පෙනහළු සාම්පල අයි.ඩී.එච් රෝහල වෙත යවා නැවත පරීක්ෂා කර ඇති අතර කොරෝනා ආසාදනය වී නැතැයි එමගින් නිර්ණය වී ඇති බව සඳහන් කර මෘත දේහය ඥාතීන්ට භාර දීමට කටයුතු කර තිබේ. ඒවනවිටද එම සිරුර තිබී ඇත්තේ කොරෝනා වැළඳී මියගිය අයවලුන් බහාලන දේහ බහාලුමක ය.
මෙලෙස දේහය භාරගත් ඥාතීන් එය හෝමාගම නියඳගල කනත්තේ අවසන් කටයුතු කිරීමට මරණ පරීක්ෂකවරයාගේ අවසරය මත රැගෙන ගොස් ඇති බවද වෛද්‍ය ජයන්ත බණ්ඩාර පවසයි. මෙය ඉතා බරපතල තත්වයක් බව පවසන ඔහු කඩිනමින් ඒ පිළිබඳව සොයා බලන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *