සංචරණ සීමා ගබ්සා කිරීමේ නිදහසට බාධාවක් – කොලොම්බියාවේ මානව හිමිකම් නීතීඥයෙක් කියයි.

ස්ත්‍රීත්වය මත මුහුණ දෙන්නට සිදුවන ප්‍රචණ්ඩත්වය ගැනද කොරෝනා වසංගතය අතර ස්ත්‍රීන්ට සිතන්නට සිදුව තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමග සිය පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා දේශසීමා වසාදැමීම, රට ලොක්ඩවුන් කිරීම හෙවත් සංචරණ තහනම් කිරීම වැනි නේක පියවර ගන්නට කොලොම්බියානු රජයට සිදුවීම නිසා කොලොම්බියානු සහ වෙනිසියුලානු කාන්තාවන්ට ප්‍රමාණවත් තරමින් සිය ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශවීමට නොහැකිව තිබෙනවා.

“වංසගත කාලයේ වුණත් කාන්තාවන්ට, ආරක්ෂිත ගබ්සාවන්, හදිසි ගැබ්ගැනීම් වැළැක්වීම, ලිංගික ප්‍රචණ්ඩත්වයෙන් ආරක්ෂාව වීම වැනි දේ සඳහා විවිධ සේවාවන් අවශ්‍ය වෙනවා” බොගෝටා හී පිහිටි කාන්තා එකතුව (Women’s Link) නමැති ලෝක ව්‍යාප්ත සංවිධානයක නීතිවේදී සෙලීන් සෝටෝ පවසනවා.

ගබ්සාව කොලොම්බියාව තුළ නීතිගත වෙන්නේ තුන් ආකාරයකට, භ්‍රෑණයාගේ බරපතල විකෘතියකදී, මවගේ සෞඛ්‍යයට සහ ජීවිතයට තර්ජනයක් එල්ල වූ විටදී සහ ස්ත්‍රී දූෂණයක් නිසා ගැබ් ගත්විටයි ඒ. මෙම අයිතියට අදාල අධිකරණ තීන්දු පවතින නිසා සමාජ හා ආර්ථික බාධක හේතුවෙන් තොරතුරු වෙත ප්‍රවේශවීමේ ඌණතාවය තිබියදී පවා විශේෂයෙන් දිළිඳු සහ පර්යන්ත ප්‍රදේශවල කාන්තාවන්ට සහ ගැහැණූ දරුවන්ට ආරක්ෂිතව ගැබ්ගැනීම් වළකාලීමෙන් ආරක්ෂාවීමට පුලුවන් ව තිබෙනවා.

පෙර කී තුන් ආකාරයෙන් පරිබාහිර අවස්ථාවක කරණ ගබ්සා නීති විරෝධී වන අතර වසරක සිට තුන් අවුරුද්දක් දක්වා සිර දඬුවම් ලබා දිය හැකියි. රට ලොක්ඩවුන් කිරීම හෙවත් සංචරණ අවහිර කිරීම නිසා විශේෂයෙන් දුප්පත් සහ ගම්බද හුඟක් ගැහැනු ගැබ්ගැනීම්වලදී, සෞඛ්‍යාරක්ෂිත උපදෙස් සහ නීත්‍යානුකූල සේවා මඟහැරෙන නිසා අනවශ්‍ය ලෙස නිවෙස්වලදීම අනාරක්ෂිත ගබ්සාවන්ට යොමු වෙනවා.

නීතිවේදී සෝටෝට අනුව, “හදිසි සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ තීන්දු මානව හිමිකම් රාමුවක් තුළ හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවී කෝණයකින් බලා හදන්නෙ නැති වුණාම හුඟක් ස්ත්‍රීන් අනාරක්ෂාවට හා අවදානමට ලක් වෙනවා”

කොලොම්බියාව අප්‍රේල් 13 දක්වා වසා දමා ඇති අතර බාගෙදා ඒ කාලය දීර්ඝ වෙන්නට පුලුවන්. මේ වාර්තාව අල්ජසීරා වෙනුවෙන් ලියවෙද්දි කොවිඩ් 19 රෝගීන් 798ක් වාර්තා වී තිබූ අතර ඒ ගණන ඉහළ යමින් පැවතියා. රජය ජනතාවට අවසර දී තිබෙන්නේ, අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමට, ඖෂධ මිළදී ගැනීමට එහා මෙහා යෑමට පමණක් වන අතර රජයේ නියෝගවල ලිංගික හෝ ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතා ගැන සඳහනක් නැහැ.

රට වසා දැමීමේ හෝ හුදෙකලාව සිටීමේ මෙම නියෝග පිළිපැදීමට කිසියම් අයෙකු අපොහොසත් වුවහොත් දඩයකට ලක්වන්නට හෝ අවුරුදු 08ක් දක්වා සිරගත වන්නට සිදු වේවි.

නීතිවේදී සෙලීන් සොටෝ පවසන්නේ ආණ්ඩුවේ ව්‍යතිරේඛවලට ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය පවත්වා ගෙනයාමේ සේවාවන් සඳහා වන ප්‍රවේශය පැහැදිලිවම ඇතුළත් විය යුතු බවයි. “එය ගබ්සා කිරීමේ අයිතිය පමණක් නෙවෙයි. හදිසි ගැබ් ගැනීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වෙන කාන්තාවන් සඳහා සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශවීමද ඊට ඇතුළත්.

සොටෝ පවසන උදාහරණයකට අනුව, ගම්බද කාන්තාවකට ආරක්ෂිත ගබ්සාවක් තරගන්නව වුවමනා වුවහොත්, වෙනත් නගරයක පිහිටි සුරැකුම් මධ්‍යස්ථානයකට යන්නට වෙනවා. එහිදී පරිපාලන ක්‍රමවේදයනට අනුව බලපත් ලබාගත යුතු වුණත් නියමිත කාලයට කරගන්න බැරිවෙන්න පුලුවන්. මේ තත්ත්වය අනවශ්‍ය ගැබ්ගැනීමක් වැළැක්වීමේ ක්‍රියාවලියට ඍජුවම බලපාන්න පුලුවන් නිසා කාන්තාවට තමන් මරණයට පත්වීමේ අවදානම ඇතිව වුණත් අනාරක්ෂිත ගබ්සාවකට යොමුවෙන්න සිදුවිය හැකියි.

පැහැදිලි දත්ත නිශ්චිතව නැතත් වාර්ෂිකව කොලොම්බියාවේ කතුන් හාරලක්ෂයක් අනාරක්ෂිත ගබ්සාවන්ට යොමුවෙන බවත්, ඇතමුන් මියයන බවත් ඇස්තමේන්තු කර තිබෙනවා.

සොටෝ පවසන්නේ මේ මානුෂීය හදිසි අවස්ථාවේ පවා උක්ත නිර්ණායක තුනට අනුකූල ගබ්සාවන්ට ඇති අයිතිය තහවුරු විය යුතු බවයි.

වෙනිසියුලානු සංක්‍රමණිකයොත් අවදානමේ.

දේශසීමා වසා දමා තිබියදී පවා, සිය රටේදී අත්විඳින අන්ත දරිද්‍රතාවය නිසා හා මහජන සෞඛ්‍ය අර්බුදය නිසා අපේක්ෂා භංගත්වයට පත් ඇතැම් වෙනිසියුලානු සංක්‍රමණිකයන් නීතිවිරෝධී මාර්ග ඔස්සේ පයින්ම එය තරණය කරනවා. එය අවහිර කරන බලධාරීන් සංක්‍රමණික කාන්තාවන් සහ ගැහැණු ළමුන් මිනිස් කුට්ටනය හා ලිංගික ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වීමේ අවදානමට ඇද දමනවා.

දේශසීමා ආශ්‍රිතව සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානයක් නොමැතිව ආසාධනවලට ගොදුරු වීමේ අධි අවදානමක් සහ අනතුරක් ඇතිව කාන්තා සංක්‍රමණිකයෝ දැඩි අනතුරකට ලක්වෙන්න පුලුවන්. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම් වෙත ප්‍රවේශවීමත් ඉතා අසීරුයි. සොටෝ කියනවා. මේ තත්ත්වය කිරිදෙන අම්මලාට සහ ගර්භනී කාන්තාවන්ටත් අදාලයි.

මේ වසංගතයට ඉස්සර පවා කොලොම්බියාවේ මිලියන දෙකක් වන සංක්‍රමණික ජනගහණයක් සිටි අතර ඊට අයත් කාන්තාවන්ගේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය අවශ්‍යතාවන් සඳහා වන සේවාවන් සීමිත වූයේ මේ වනවිටත් තත්ත්වය එබඳුය. ඔවුන් අතරින් බොහෝ දෙනා සිය අයිතීන් සහ නෛතික ආරක්ෂාව පිළිබඳ නොදන්නා අතර ඇතැම් අවස්ථාවලදී සෞඛ්‍ය සේවා සපයන්නන්ගේ සීමාවන්ට හා වෙනස්කොට සැළකීම්වලට භාජනය වේ.

පරිවර්ථනය – ලසන්ත ද සිල්වා

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *