සභාපති නිසා ජීවන් හුදෙකලා වේ

වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබලගැන්විමේ රාජ්‍යය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාව ඊයේ (23) කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පිහිටි ඔහුගේ නිවසේදි ස්වයං නිරෝධානයට යොමුකළ බව නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතා පවසයි.
කොවිඩ් -19 වෛරසය අසාදනය වි දැනට හම්බන්තොට නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර ඇති ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ ළගම ආශ්‍රිතයෙකු විම නිසා රාජ්‍ය අමාත්‍යය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු තවත් ආශ්‍රිතයින් පිරිසක් ස්වයං නිරෝධානයට යොමු කිරීමට සිදුවූ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කීය.
ජිවන් තොණ්ඩමන් මහතාගේ පි.සි.ආර් වාර්තාවක්ද ඉදිරියේදි ලබා ගැනිමට නියමිතය.
කොවිඩ්- 19 වෛරසය අසාදනය වු කදිර් සෙල්වම් මහතා මෙම මස 17,18 හා 19 යන තෙදින තුළ ජීවන් තොණ්ඩමන් මහතාගේ ළගම ආශ්‍රිතයෙකුව සිට ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන තිබේ.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *