සමන්තය

ගසක් සිය පත් සෙමෙන් ගලවා
ආයුහරණය කරන කාලෙට
පෙමින් ගැවසුණ සුමුදු සියොතුන්
සෙමෙන් නික්මෙයි පෙමත් අරගෙන

වැවක් අවසන් දිය බිඳුව දී
කඩා වැටෙනා කරල් යායට
සෙමෙන් වියැළෙන නියං පපුවට
පොදක් දෙන්නෑ අහස් යායම

මලක් අන්තිම සුවඳ දෙකොපුල
විවර කළමුත් සුළං දෙතොලට
ගිලිහෙනා පෙති පයින් මඩිමින්
හමා යයි නෙක උයන් පසුකොට

වසන්තය සුදු සළු අඳින විට
පාට සළු පිළි දමා ගින්නට
සෙමෙන් බැස යයි සිහිල් ඇලදොල
එගිනි මගහැර නිලන නිම්නෙට

උසම කන්දක් රිදුම් දරමින්
සැරයටිය අත දරන දවසට
දිගම මතකය නිමා කරවයි
නාය ගොස් ගස් කොළන් සමග ම.

-කපිල එම් ගමගේ-

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *