සමන් සී. ලියූ සියවසක සියසවිය එළි දකී

ලංකා වතු සේවා සංගමයේ සියවැනි සංවත්සර සැමරුම පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණු අතර එහි දී මාධ්‍යවේදී සමන් සී. ලියනගේ විසින් ලියන ලද “සියවසක සියසවිය” ලාංකීය අරගල ඉතිහාසයේ CESU මං සලකුණු, නැමැති සංගමයේ ඉතිහාස ග්‍රන්ථය එළි දැක්විම සිදු විය.

1920 වසරේ ආරම්භකර ඇති ලංකා වතු සේවා සංගමය, වතු කාර්ය මණ්ඩල අයිතිවාසිකම් දිනා ගැනීමට ක්‍රියා කරමින් ලංකාවේ නිදහස් අරගලය ඇතුළු ජාතික සටන් අරගල තුළ කැපී පෙනෙන වැඩ කොටසක් සිදුකොට තිඛෙන බව මෙම කෘතියේ අනාවරණය කොට ඇත.

ලංකා වතු සේවා සංගමයේ සභාපති චතුර සමරසිංහ මහතාට කෘතිය පිළිගන්වන ලදි.

ලංකාවේ වෘත්තීය සමිතියක් අවුරුදු සියය සැමරූ පළමු අවස්ථාව මෙය වන අතර මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් යන මහත්වරුන් සහ වෘත්තීය සමිති රැසක නායකයින් ද, ලංකා වතු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් රොබට් ෆ්‍රැන්සිස් මහතා ඇතුළු සංගමයේ වර්ථමාන සහ හිටපු නායකයින් ද සහභාගී විය.

සැමරුම් උළෙලේ ප්‍රධාන දේශනය මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා විසින් පවත්වන ලදි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *