ස්වයං නිරෝධායනයේ සිටි මව මිය යයි

නිසාස්වයං නිරෝධායනය සඳහා යොමු කර සිටි බගවන්තලාව කැම්පියන් වත්ත පහළ කොටසේ පදිංචිව සිටි 69 හැවිරිදි සිව්දරු මවක වන කන්දයියා තෙයිවානි ඊයේ (28) දින අලුයම මරණයට පත්ව ඇති බව වාර්තා වේ.  බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන පරිදි  ඇගේ දියණිය සහ මිණිබිරිය බත්තරමුල්ලේ සිට පසුගියදා පැමිණ ඇති නිසා පවුලේ පස් දෙනෙකු ස්වයං නිරෝධායනයට භාජනය කර තිබේ.

ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණයට පැමිණි හදිසි මරණ පරීක්ෂක වර්ධන් ධනලෙච්චමී නියෝග කර තිබෙන්නේ සිරුර පරීක්ෂා කිරීම සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යැවීමට නියෝග කර ඇත. ඒ අතර ඇය මියගියේ කොවිඩ් 19 නිසාද යන්න තහවුරු කර ගැනීම සඳහා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කළ බවද බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *