ස්වයං නිරෝධායනය ගැන දන්නවා ද ?

ස්වයං නිරෝධායනය යන වචනය මේ දිනවල බහුලව ඇහෙන ඇහෙන වචනයක්.ඇත්තෙන්ම ස්වයං නිරෝධායනය යනු කුමක්ද යන්න බොහෝ දෙනෙකුට නිවැරදි වැටහීමක් නැහැ.කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පහල වීම සඳහා දින පහේ සිට 14 දක්වා පමණ වන කාලයක් ගත වන්නට පුළුවන්.මේ කාලය තුළ ඔවුන් රෝග ලක්ෂණ නොපෙන්නුව ද ඔවුන් මගින් වෙනත් පුද්ගලයන් විශාල ප්‍රමාණයකට  රෝගය පැතිරී  යාමේ හැකියාව තියෙනවා. මෙන්න මේ කාරණය නිසා තමා රෝග ලක්ෂණ කිසිවක් නොතිබුණද රෝගය ආසාදනය වීමට හැකියාවක් තිබූ අය ,යම් හෙයකින් ඔවුන් තුළ  රෝගකාරක වෛරසය තිබුණේ නම් එය  වෙනත් නිරෝගී පුද්ගලයන්ට ආසාදනය වීම  වළක්වා ගැනීම සඳහා කරන්න පූර්ව උපායක් ලෙස තමා ස්වයං නිරෝධායනය  කියන  ක්‍රමවේදය භාවිතා කරන්නේ .මෙහිදී රෝගය ආසාදනය වීමට ඉඩ ඇතැයි සැලකෙන පුද්ගලයන් විශේෂයෙන්ම විදෙස් රටවල  සිට  මේ රටට පැමිණි පුද්ගලයන් සහ ඔවුන්ගේ පවුල්වල උදවිය නිවෙස තුළටම වී දින දහ හතරක් ගත කිරීම තමා මෙහි මූලික ක්‍රියාව වන්නේ .එම දින 14 තුළදී එම පුද්ගලයන්  අතර ආසාදිත අයෙකු  සිටියේ නම්  රෝග ලක්ෂණ මතු වෙනවා.එ විට එම රෝගියා  නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ හැකි වෙනවා .ආසාදිත යැයි සැක කරන පුද්ගලයෙක් නිවසේ සිටී නම් ඔහු සඳහා වෙනම ම පිරිසිදු වාතාශ්‍රය සහිත  කාමරයක් වෙන් කොට ඔහු එහි තැබීම අවශ්‍ය වනවා  ඔහුට පමණක් භාවිතා කළ හැකියි වැසිකිළියක් තිබේ නම් එය වඩාත් සුදුසුයි එසේ නො වේ නම් ඔහු වැසිකිළිය  භාවිතා කළ වහාම එය සහ ඔහු විසින් ස්පර්ශ කළ දොර අගුළු ඇතුළු සියල්ල විසබීජනාශකයකින්  සෝදා විෂබීජනුහරණය සිදු කළ යුතුයි.එම පුද්ගලයාට කෑම බීම ගැනීම සඳහා වෙනමම වෙනම ම භාජන තිබිය යුතු අතර ඔහු වෙසෙන කාමරයට එම ආහාර ද්‍රව්‍ය ලබා දිය යුතු වනවා .ඔහු භාවිතා කරන පිඟන් කෝප්ප මෙන් ම පෞද්ගලික බඩු භාණ්ඩ ඔහු විසින්ම පිරිසුදු කර ගැනීම අවශ්‍ය වෙනවා .ඔහු සමඟ ගනු දෙනු කරන නිවසියන් ඔහුගෙන් මීටරයක පමණ  දුර සිට කටයුතු කිරීම අවශ්‍ය වනවා. දිනකට තුන් වරක් ඔහුට උණ වැලඳී ඇති දැයි  උණ කටුවක් භාවිතයෙන් පරීක්ෂා කළ යුතු වෙනවා .උණ , කැස්ස ,උගුරේ අමාරුව, හුස්ම ගැනීමේ අපහසුතාව වැනි රෝග ලක්ෂණ මතු වේ නම් වහාම ගිලන් රථයක් මගින් ඔහුව රෝහල් ගත කිරීම අවශ්‍ය වෙනවා .ඒ සඳහා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ සහයෝගය ලබා ගත හැකි වෙනවා රෝගියා සමග සමඟ  ගනුදෙනු කරන පුද්ගලයන් නිරතුරු ව සබන් යොදා හෝ විෂබීජනාශක දියර යොදා සිය දෑත්  පිරිසිදු පිරිසිදු කරගත යුතුවනවා. මෙසේ විෂබීජානුහරණය නොකළ  දෑත්වලින් මුහුන ,නාසය ඇස් , ඇල්ලීම සිදු නොකළ යුතු වෙනවා .මෙම නිවැසියන්ට අවශ්‍ය  පාරිභෝගික ද්‍රව්‍ය වෙළඳපොළෙන් වෙනත් පුද්ගලයෙක් මගින් ගෙන්වා ගැනීමට හැකිනම් එය වඩාත් සුදුසුයි. ස්වයං නිරෝධායනය ට ලක් වන පුද්ගලයා ගේ නිවසේ සිටින නිවැසියන් නිවසින් පිටතට යන්නේ නම් නිරතුරුව මුඛ ආවරණ භාවිතා කිරීමත්, පොදු ප්‍රවාහන සේවා වලින් බැහැරව තම  ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සුදුසු වෙනවා.දින දහ හතරක් මෙලෙස නිවස තුළ දීම ස්වයං නිරෝධායනය වීම හොඳින් මෙම රෝගය පැතිරීම වළක්වා ගැනීමට හැකි වනවා .

වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ ජාතික රෝහල මහනුවර     

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *