සිරිපා වාරය ආරම්භ වේ.
මෙවර සිරිපා වන්දනා වාරය උඳුවප් පුන් පොහෝ දිනය යෙදෙන හෙට දිනයෙන් (29) ආරම්භ වෙයි.
පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහ විහාරස්ථානයේ පුරා මාස හයක් තැන්පත් කර තිබූ සධාතුක කරඬුව,සමන් දේව ප්‍රතිමාව හා දේවාභරණ ශ්‍රී පාදස්ථානය දක්වා වැඩම කරවීම අද (28) සිදු කෙරුණි.
සිරිපා වන්දනා වාරය ආරම්භ කිරීමේ චාරිත්‍ර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණි.
මෙවර ශ්‍රී පාද වන්දනා වාරය උඳුවප් පුන් පොහෝ දිනය යෙදෙන 29 දා ආරම්භ වුවද ජනවාරි මස 31 වන දින තෙක් ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමට කිසිවකුට අවස්ථාව ලබා නොදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා පවසයි.
නුවරඑළිය දිස්ත්‍රික්යේ කොවිඩ්-19 වෛරස් ව්‍යාප්තිය සැලකීමට ගෙන සෞඛ්‍ය අංශ සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු මෙම තීරණයට එළඹුණු බව ආණ්ඩුකාරවරයා කීය.
මෙවර සිරිපා වන්දනා වාරය උඳුවප් පුන් පොහෝ දිනයෙන් ආරම්භ වී වෙසක් පුන් පොහෝ දිනයෙන් නිමා වීමට නියමිතය.