සිසුවිය අපයෝජනය කළ පොලිස් දූෂකයා සැඟවෙයි.

මහනුවර පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරියෙකු විසින් පහළොස් හැවිරිදි බාලවයස්කාර පාසැල් සිසුවියක් අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්තේගම පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකාර පොලිස් නිලධාරියා විසින් පසුගිය වසරේදී අවස්ථා කිහිපයකදී මෙම පාසැල් සිසුවිය අපයෝජනය කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පාසලක අධ්‍යාපනය හදාරන අදාළ සිසුවිය සම්බන්ධයෙන් පාසල් බලධාරීන් විසින් කටුගස්තොට පොලීසියට දැනුම්දී තිබේ. සිසුවිය පදිංචිව සිටිනේ වත්තේගම පොලිස් වසමේ බැවින් කටුගස්තොට පොලිසිය විසින් අදාළ පැමිණිල්ල වත්තේගම පොලිසියට යොමුකර ඇත.

අදාළ සිසුවිය වෛද්‍යවරයකුට යොමු කිරීමෙන් පසු සිසුවිය අපයෝජනය ට ලක්ව තිබෙන බව තහවුරු වීමෙන් පසු සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සිසුවිය සැකකාර පොලිස් නිලධාරියාගේ ඥාති දියණියක බව පොලීසිය පවසයි.
වත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර මහතාගේ උපදෙස් පරිදි මම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැඟව සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරයි.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *