සීමා කඩන බස් අල්ලන බව දිලුම් කියයි

ගාස්තු සංශෝධනයක් මගින් සහනයක් ලබාදී තිබියදීත් සෞඛ්‍ය නිර්දේශ නොතකමින් ආසන ගණන ඉක්මවා මගීන් ප්‍රවාහන බස් රථ අත්අඩංගුවට ගෙන නිරෝධායන නීතිය නඩු පවරන ලෙස ප්‍රවාහන අමාත්‍යාංශය මගින් පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

සීමාව ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ අත්අඩංගුවට ගෙන නීති මගින් ක්‍රියාත්මක වීම හෙට (07) සිට ආරම්භ කරන ලෙස අදාළ ලිපිය මගින් පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිළුම් අමුණුගම මහතා පවසයි.

ආසන ගණනට පමණක් මගීන් ගෙන යාම සඳහා බස් ගාස්තු වැඩි වීමක් ලබාදී තිබියදී එම සීමාව ඉක්මවා මගීන් ගෙන යාමට කිසිසේත්ම ඉඩ ලබා  නොදෙන බවද ඒ මහතා කීය.

පොලීසියට අමතරව අදාළ බස් රථ සම්බන්ධව සොයා බලා ක්‍රියාමාර්ග ගැනීමට ලංගමට හා පළාත් ප්‍රවාහන අධිකාරීන් වලටද උපදෙස් ලබාදී තිබෙන බව හෙතෙම අවධාරණය කළේය.

බස් රථ ගාලකින් සාමාන්‍යය බස් රථ පිටත් වීමේ ක්‍රමය වෙනස් කරමින් මගීන් වැඩි මාර්ග වලට එකම වේලාවේදී බස් රථ දෙකක් පිටත්කර හැරීමේ වැඩපිළිවෙළක් අද (07) සිට ක්‍රියාත්මක කරන බවත් කාර්යාල සහ පාසැල් වේලාව තුළ මෙය ක්‍රියාවට නන්වන බවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *