සුමන්දිරන්ලාගේ දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කළා – කෙහෙලිය

උතුරේ දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා තමන් බව ජාත්‍යන්තරයට කියමින් එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව ඉදිරියේ වීරයෙකු වන්නට සුමන්තිරන් මන්ත්‍රීවරයාට අවශ්‍යය බවත් ඒ නිසා ඔහු ෂෝ මෑන් කෙනෙකු ලෙස විවිධ දේවල් කරන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

උතුරේ ජනතාව පසුගිය මැතිවරණයේදී දෙමළ සන්ධානය ඔවුන්ගේ එකම නියෝජිතයා නොවන බව මැතිවරණ ප්‍රතිපල වලින් පෙන්වා දුන් බවත් මොවුන්ගේ දේශපාලනය මේ රටේ සාමය, සංහිඳියාව ප්‍රාර්ථනය කරන සිංහල,දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලු ජනකොටස් ප්‍රතික්ෂේප කරන බවත් ඒ මහතා කීය. කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාශයේ පැවැති උත්සවයකින් අනතුරුවඅද (29) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

එල්.ටි.ටි.ඊ ඩයස් පෝරාව ජත්‍යන්තර වශයෙන් ඉතා ප්‍රබල බවත් වෙනම රටක් ඇති කිරීමට ඔවුන් ගත් උත්සහය යුදමය වශයෙන් පරාජය කළත් ඔවුන්ගේ මතවාදය තවමත් ඉදිරියට යමින් තිබෙන බවත් කී ඒ මහතා ඒ සඳහා ලෝකයේ බලවතුන් කිහිප දෙනෙකුගේ සහය ලබා ගනිමින් ඔවුන් ක්‍රියාත්මක වෙමින් සිටින බවද අවධාරණය කළේය.

දෙමළ සන්ධානයේ මන්ත්‍රී සංඛ්‍යාව 16 සිට 10 දක්වා පහතට ගෙනාවේ උතුරේ ජනතාව බවත් ත්‍රස්තවාදය ප්‍රතික්ෂේප කරන මේ රටේ බහුතර ජනතාව ඊළඟ මැතිවරණයේදී රට දෙකට කිරීමේ වුවමනාවෙන් පෙළෙන පිළිල ඉවත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ මහතා කීය.

ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනා සම්මත කර ගනිමින් නොයෙකුත් සම්බාධක පැනවීමේ ක්‍රියාවලියක ඇතැම් බලවතුන් නිරතව සිටින්නේ ඩයස්පෝරාවේ අවශ්‍යතාවට බවත් ඒවාට කිසිවිටෙකත් රජය යට නොවන බවත් ඒ මහතා පැවසුවේය.

මෙය බලවතුන් ඉදිරියේ දණ නොනමන ආණ්ඩුවක් බව අවස්ථා කිහිපයකදීම ඔප්පුකර පෙන්වා තිබෙන බවත් ජනපති හා අගමැති නායකත්වය යටතේ කිසිවෙකුටත් අප රටක් ලෙස යටත් වන්නේ හෝ බිය වන්නේ නැති බවත් රඹුක්වැල්ල මහතා කීවේය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *