සුලු අසනීපවලට මහනුවර මහරෝහලට එන්න එපා – රෝහල් අධ්‍යක්ෂ

මහනුවර ජාතික රෝහලේ උගුර,කන හා නාසය ප්‍රතිකාර ඒකකයේ හෙද නිලධාරිනියන් දෙදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී තිබෙන බව රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් දෛනිකව අහඹු ලෙස පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කරන බවත් එලෙස ඊයේ  (26) සිදුකළ පරීක්ෂණ වාර්තා වලට අනුව හෙද කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වූ බවත් ඇය ප්‍රකාශ කළාය.

කොවිඩ් ආසාදිත හෙද නිලධාරිනියන් දෙදෙනා ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර රෝහල වෙත යොමු කළ බවත් ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකළ බවත් වැඩබලන අධ්‍යක්ෂවරිය පැවසුවාය.

සුළු අසනීප වලට ප්‍රතිකාර ලබා ගැනීමට පවා ඇතැම් පිරිස් මහනුවර ජාතික රෝහලට පැමිණෙන බවත් මෙම අවස්ථාවේ අත්‍යවශ්‍ය කාරණයකට හැර හැකි තරම් රෝහලට පැමිණීමෙන් වලකින ලෙස තමන් ජනතාව ගෙන් ඉල්ලා සිටින බවත් ඇය කීවාය.

අසනීප තත්ත්වයක් ඇති වුවහොත් ළඟම ඇති රෝහලට යන ලෙසත් එහිදී වෛද්‍යවරු නිරීක්ෂණය කර මහනුවර ජාතික රෝහලට යොමුකළ යුතුද නැද්ද යන්න තීරණය කරනු ඇති බවත් ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *