සෙල්ලමක් නෙවෙයි. මිලියන දෙකක් ඉවරයි
වෛරසයට එරෙහිව එන්නත්කරණ සටන සූදානම් වෙද්දී මිලියන දෙකක් ලෝ වැසියෝ අවසන් හුස්ම හෙළති.
චීනයේ වූහාන් නගරයෙන් ව්‍යසනය ආරම්භ වී වසරක් ඇතුළත මේ මිලියන දෙකක මරණ සංඛ්‍යාව වාර්තා වීම සිදු විය. මරණ ගණන් හිලව් ගැන කතා කරන ජෝන් හෝප්කින්ස් වෛද්‍ය විශ්ව විද්‍යාලය සඳහන් කරන්නේ එය බ්‍රසලස්, මක්කම, මින්ස්ක් හෝ වියනාවේ ජනගහණයට සමාන බවයි. ඔවුන් සඳහන් කරන අන්දමට මේ වන විට ලොව පුරා වාර්තා වූ ආසාදිතයන් ගණන මිලියන 93 කට අධික ය.
මරණයේ ද්වාරය තුළින් ගමන් කළ වැඩිම පිරිස යුරෝපීය ජාතිකයන් ය. යුරෝපය පුරා මිය ගිය පිරිස පසුගිය සිකුරාදා (15) වන විට 650560 කි. ලතින් ඇමරිකා සහ කැරීබියානු කලාපයෙන් මරණ 542410 ක්ද, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාවෙන් 407090ක්ද වාර්තා වී තිබේ. මෙය හද සසල කරවන කඩඉමක් බව පවසන එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරේස් ව්‍යසනය කළමනාකරණය කර ගැනීම සඳහා ගෝලීය සහයෝගය අපේක්ෂා කළේය.