සොයිසා නෙරපයි

මහින්ද රාජපක්ෂ 2015 ජනපතිවරණයෙන් පරාජය වූ පසුව සුප්‍රකට අප්පච්චි මළා ප්‍රකාශය සිදු කළ විජිත් විජයමුණි සොයිසා ද ඇතුළු කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට තීන්දු කර ඇතැයි එම පක්ෂයේ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිබිල ආසන සංවිධායකවරයාව සිටි සොයිසා නියෝජ්‍ය අමාත්‍ය හා අමාත්‍ය තනතුරු කිහිපයක් දරන ලද අතර කලක් ඌව පළාතේ මහාමාත්‍ය ධූරයද ඉසිලීය. එකල එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා ඇරයුම් ලැබිණැයි ආරංචි පැතිර ගිය නමුත් මුදලට පක්ෂය පාවා නොදෙන බව පවසා එ.ජා.ප යට එක් නොවූ විජයමුණි සොයිසා යහපාලන රජයේ අවසන් කාලයේදී එක්සත් ජාතික පක්ෂයේ කටාන සංවිධායක ධූරය භාර ගත්තේය. 2018 ඔක්තොම්බර් ව්‍යවස්ථා අර්බුදයේදීද විජයමුණි සොයිසා සහාය දුන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට වීම විශේෂත්වයකි. කෙසේ වුවද තමන් දැරූ ඌව මහ ඇමති ධූරය ඉන්පසු ශෂීන්ද්‍ර රාජපක්ෂට හිමි වීම පිළිබඳ ඔහු සිත් තැවුලෙන් සිටි බව මොනරාගල සමකාලීන දේශපාලන සගයින්ගේ අදහසයි. ඌව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහුගේ පුත් උදාර සොයිසා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිඳිමින් පොදු ජන පෙරමුණට සහය දෙන අතර බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු හා ශ්‍රි.ල.නි.ප යේ ආසන සංවිධායකයෙකුද වන සුමිත් සොයිසා ඔහුගේ සහෝදරයා ය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *