හකීම් අලියා අතහැර යයිද?

එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රධාන පක්ෂ පසෙකින් තබා සුළු පක්ෂ හා සුළුජන කොටස් නියෝජනය කරන පක්ෂ සමඟ එකතුවී පුළුල් ජන බලවේගයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කටයුතු කරමින් සිටින බව එහි නායක රවුෆ් හකීම් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය ඇතුළු පක්ෂ හා සිවිල් සංවිධාන සමඟ මේවන විටත් ඒ සම්බන්ධ සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඒ මහතා කීය.

ශ්‍රීලංකා මුස්ලිම් කොංග්‍රසයේ 29 වන ජාතික මහ සමුළුව ඊයේ (23) මහනුවර පොල්ගොල්ප මහින්ද රාජපක්ෂ ශ්‍රවනාගාරයේදී පැවැති අවස්ථාවේ හකීම් මහතා මේ බව පැවසුවේය.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම ඇතුළු ප්‍රධාන අරමුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම පුළුල් ජනබලවේගය කඩිනමින් ගොඩනගන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

ජනපතිවරණයක් පවත්වා වැඩි කාලයක් නොගොස් මහ මැතිවරණයක් පවත්වන අවස්ථාවක ජනපතිවරණය ජයගත් පුද්ගලයා නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය හිමිවීමේ වැඩි ඉඩක් පවතින බවට මතයක් පවතින නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ ජනපතිවරණය ප්‍රතිපලයට ගලපා මන්ත්‍රී ආසන ගණන් බැලීම නිවැරදි නොවන බවද මුස්ලිම් කොංග්‍රස් නායකයා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය තුළ ඇතිව තිබෙන කැළඹීම තුළින් විශාල ජයග්‍රහණයක් පහසුවෙන් ලබාගත හැකිවනු ඇතැයි ආණ්ඩුව සිතා සිටින බවද ඒ මහතා කීය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *