විහාර දේවාලගම් පනත ගැන අධිකරණ ඇමති බොරු කියනවා – මැදගම ධම්මානන්ද හිමි
හම්බෙගමුව අලුත්වැව කුඔුරු අක්කර 100 ක් වල් අලි වනසති.
රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි
හමිබෙගමුව අලුත්වැව ප්‍රදේශයේ නෙරළුව සහ පහත්වෙල වෙල්යායවලට පැමිණි වල් අලි රංචුවක් ගොයම් කැපීමට සතියක් පමණ තිබියදී කුඔුරු අක්කර සියයකට ආසන්න ප්‍රමාණයක් අද (25) අලුයම පාගා දමා විනාශ කර ඇතැයි ප්‍රදේශයේ ගොවීහු සඳහන් කරති.
අලුත්වැව, නෙරළුව සහ පහත්වෙල යන වෙල්යායවල ගොයමි වගාව ඉතා සරුවට වැවී තිබුණ බවද ගොවීහු සඳහන් කරති. වල් අලින්ගෙන් කුඔුරු ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ගොවීහු සුර්ය බලයෙන් සහ බැටරි මගින් ක්‍රියාත්මක වන විදුලි වැටවල් ඉදිකර තිබුනද ඒවාද කඩා බිඳ දමා වල් අලින් කුඔුරුවලට පැන මෙලෙස අස්වනු නෙළීමට ආසන්න වගාවන් කා දමා ගොස් ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
බීජ, පොහොර, රසායනික දියර සහ කුලිය මෙන්ම විශාල ශ්‍රමයක් වැයකර වගා කර ඇති කුඔුරු වගාවන් වල් අලින් විසින් විනාශ කිරීම හේතුවෙන් තමන් දැඩි ලෙස අසරණ වූ බවටද එම ගොවීහු මැසිවිලි නඟති. ගස් මත අටිටාල ඉදිකර රාත්‍රී කාලයේ කුඔුරු වගාවන් වල් අලින්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා එ්වායෙහි රැඳී සිටියද වල් අලින්ගෙන් කුඔුරු ආරක්ෂා කර ගැනීමට නොහැකි ව ඇතැයි ගොවීහු වැඩිදුරටත් සඳහන් කරති.