හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ බල හුවමාරුවක්

පසුගියදා පැවති අයවැය ඡන්ද විමසීීමෙන් පරාජය වීම නිසා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ බල හුවමාරුවක් සිදුව තිබේ.  ඒ් අනුව එහි නව සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණෙන් තරග කළ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අශෝක් කුමාර් සිංගමුත්තු පත්ව තිබේ.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව තිබුණේද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වන අතර මෙවර අයවැයේදී එක්සත් ජාතික පක්ෂය හා ලංකා කම්කරු කොංග්‍රසය එක්ව අයවැය පරාජය කිරීමට කටයුතු කරන ලදී.  එහි ප්‍රථිඵලයක් ලෙස සභාපති තනතුරට උපසභාපති සිංගමුත්තු පත්ව තිබේ.

ඒ් අතර හෙට (22) දිනයේදී ඇල්ල ප්‍රාදේශීය සභාවටද නව සභාපතිවරයෙක් පත්කිරීමට නියමිත බව බණ්ඩාරවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති කරගහවෙල නන්දවිමල හිමියෝ පැවසූහ. එක්සත් ජාතික පක්ෂයට බලය හිමිව තිබූ ඇල්ල ප්‍රාදේශීය සභාවේද අයවැය පරාජයට පත් විය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *