හලාවත ගැබිණි මවකට කොවිඩ්-19

කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගත් කාන්තාවක් වැඩි දුර ප්‍රතිකාර සදහා අද 27  දහවල්   මුල්ලේරියාව මූලික රෝහලට පිටත් කර යැවූ බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක  වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය. ඊයේ 26  වැනිදා රාත්‍රියේ  කරන ලද ජෛව සාම්පල පරීක්ෂණයකදී මෙම රෝගියාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත

හලාවත – බංගදෙණිය,කෝට්ටපිටිය පදිංචි එම කාන්තාව 29 හැවිරිදි සය මස් ගැබිණියක් වන අතර පසුගිය 01 වැනිදා ඩුබායි සිට මෙරටට පැමිණ නීරෝධායන කටයුතු  සඳහා වව්නියාව – පම්පෙමඩුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිට ඇත. ඉකුත් 15 වැනිදා නීරෝධායන කටයුතු අවසන් කළ ඇය බංගදෙණිය – කෝට්ටපිටිය පිහිටි තම  නිවසට පැමිණ එහි සිට ස්වයං නීරෝධායනයට ලක් වෙමින් සිටියාය.

ඒ අතර පසුගිය 23   වැනිදා රාත්‍රීයේ මෙම කාන්තාව ශ්වසන රෝගයක් සදහා ප්‍රතිකාර ලබා ගැනීමට හලාවත මහා රෝහලට ඇතුළත් වී ඇත. එහිදී ඇය සම්බන්ධයෙන් සැක පහල කර ඇති වෛද්‍යවරුන් ඇයව ජෛව සාම්පල පරීක්ෂණයකට යොමු කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ අදාල කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බවය. ඒ අනුව ඇයව වැඩිදුර ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව මූලික රෝහලට පිටත් කර යැවීමට කටයුතු කළ බව හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය. කාන්තාව ආසන්නයේ ඇසුරු කළ පිරිස නිරෝධායනය කිරීම සදහා පියවර ගෙන තිබේ .

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *