හැටන් නගරයේ කාණුවල තිබූ අයිඩෙන්ටි කාගෙද?

හැටන් නගරය මධ්‍යයේ වැසි ජලය ගලා බසින කාණු පද්ධතියක තිබී  ජාතික හැදුනුම්පත් හයක්,ඒ.ටී.එම් කාඩ්පත් දෙකක්  සහ මුදල් පසුම්බි කිහිපයක් සොයාගත් බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපාන මහතා පැවසයි.

හැටන් නගර මධ්‍යයේ වැසි ජලය ගලා බසින කාණු වලට නගරයේ ඇතැම් වෙළෙදසැල් වල වැසිකිළි  පද්ධති ඉතා සුක්ෂම ලෙස හරවා ඇති බවට හැටන් දික්ඔය නගර සභාවට ලද පැමිණිලි කිහිපයක් මත නගර සභාවේ සේවකයින් විසින් කාණු පද්ධතියට ඉහළින් ඇති කොන්ක්‍රීට් පියන් ගලවා පරික්ෂා කිරිමේදි එම සේවකයින්ට මේවා හමුවී ඇත.

මුදල් පසුම්බි වල මුදල් නොතිබුණු බවත් ඒවා තුළ තිබී ජාතික හැඳුනුම්පත් හා ඒ.ටී.එම් කාඩ්පති සොයාගත් බවත් පොලීසිය පවසයි.

මෙම හැඳුනුම්පත් හැටන්,බගවන්තලාව,මස්කෙළිය,කොටගල හා තලවකැලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන්ගේ  බවට හැටන් පොලිසිය හඳුනාගෙන තිබේ.එම පුද්ගලයින් පොලිස් ස්ථානය වෙත කැඳවා විමර්ශනයක් සිදුකරන බව පලිපාන මහතා කීය.

ඉකුත් වසරේ දීපවාලී උත්සව සමයේ හැටන් නගරයට පැමිණි පාරිභෝගිකයන්ගේ මුදල් පසුම්බි ගණනාවක් ගැට කපන්නන් විසින් සොරාගෙන ඇති බවට හැටන් පොලිසියට පැමිණිලි ලැබී තිබූ බවත් ඔවුන් මුදල් පසුම්බි වල මුදල් රැගෙන ඒවා කාණු පද්ධතියට දමන්නට ඇති බවට හැටන් පොලිසිය සැකකරයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *