හොර සැනිටයිසර් අල්ලයි

මහනුවර නගර මධ්‍යයේ අලි මුඩුක්කුවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය බාල වර්ගයේ සැනිටයිසර් (විසබීජ නාශක දියර) බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් මහනුවර පොලීසියේ විශේෂ කණ්ඩායමක් විසින් (20)දින වටලා පුද්ගලයින් දෙදෙනෙකු සමඟ සැනිටයිසර් බෝතල් තොගයක් අත්අඩංගුවය ගනු ලැබීය.

ප්‍රධාන පෙළේ  සැනිටයිසර් නිෂ්පාදන ආයතනයක වෙළෙඳ නාමය භාවිත කරමින් සැකකරුවන් ප්‍රමිතියෙන් තොර සැනිටයිසර් රට පුරා බෙදාහැර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

ප්‍රමිතියෙන් තොර මෙම සැනිටයිසර් වල අඩංගුවිය යුුතු ඇල්කොහොල් ප්‍රතිශතය නොමැති බවත් එහි ඇත්තේ 80% ක පමණ ප්‍රමාණයක් ඇත්තේ ජලය බව හෙළිව ඇත.

අදාළ වෙළෙඳ නාමය යටතේ සැනිටයිසර් නිෂ්පාදනය කරන  ආයතනයට පාරිභෝගිකයින් ගෙන් ලැබුණු පැමිණිලි මත එම ආයතනය මගින් වෙළෙඳ පොළේ ඇති ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ ඇති සැනිටයිසර් බෝතල් පරීක්ෂාවට ලක්කර තිබේ.ව්‍යාජ නිෂ්පාදනයක් වෙළෙඳ පොළේ තිබෙන බව එමඟින් හෙළිකර ගැනීමෙන් පසු අදාළ නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් පුද්ගලයින් පිළිබඳ විමසිලිමත්ව සිට ඒ පිළිබඳව ඔවුන් මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් මහනුවර අලිමුඩුක්කුවට ගොස් ගබඩාව වටලා පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ප්‍රමිතියෙන් තොර සැනිටයිසර් අකුරණ ප්‍රදේශයේ නිෂ්පාදනය කරන බව එහිදී අනාවරණය වී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *