ෆේස්බුක් නව තීරණය – එන්නත් අධෛර්යමත් කරන දැන්වීම් වාරණය වේ.

කොවිඩ් -19 ද ඇතුළුව එන්නත්කරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති, නීති සම්පාදන කාර්යය පිළිබඳව මෙන්ම ඒවාට එරෙහිව හඬ නගන දැන්වීම් තවමත් බහුලව පළ වන බව සමාජ මාධ්‍ය දැවැන්තයා පවසනවා. 

කොවිඩ් 19 සඳහා තවමත් අනුමත එන්නතක් නැහැ 

මහජනයා එන්නත් ලබා ගැනීමට යොමුවීම අධෛර්යමත් කෙරෙන දැන්වීම් වාරණය කිරීමට ෆේස්බුක් යොමුවෙනු ඇතැයි,  ඔවුන් පැවසුවේ ප්‍රතිශ්‍යා උණ රෝගය සඳහා නිපදවන ලද එන්නතක ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත් කරන අතරතුරේදීයි.

එක්සත් ජනපදය මූලස්ථානය කරගත් සමාගම අඟහරුවාදා බ්ලොග් පළ කිරීමක සදහන් කළේ තවමත් කොවිඩ් 19 ද ඇතුළත් එන්නත්කරණය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති, නීති සම්පාදන කාර්යය පිළිබඳව මෙන්ම ඒවාට එරෙහිව හඬ නගන දැන්විම් තවමත් බහුලව පළ වන බවයි.

ෆේස්බුක් සමාගම පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ  ඒ සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් බලාත්මක කෙරෙනු ඇති බවයි.

“අපේ අරමුණ මහජන සෞඛ්‍ය නැංවීම සඳහා දරනු ලබන උත්සාහයන්ට හානිකර ලෙස බලපාන සාවද්‍ය තොරතුරු සහිත දැන්වීම් අවහිර කරන ගමන්, එන්නත්වල ආරක්ෂිත බව සහ ඵලදායකත්වය කියාපාන පණිවිඩ පුළුල් ජන පිරිසකට යොමුවීම සඳහා උදව් කිරීම”. යැයි සමාගම පවසනවා.

“ලෝක සෞඛ්‍ය සංවිධානය,  ආසාදන වැළැක්වීම සහ පාලනය පිළිබඳ එක්සත් ජනපද මධ්‍යස්ථානය වැනි ප්‍රමුඛ ගෝලීය සෞඛ්‍ය සංවිධාන ප්‍රසිද්ධියේ හඳුනාගත් එන්නත්කරණය ගැන වංචා සහගත දැන්වීම් අපි දැනටමත් වාරණය කරනවා” යනුවෙන්ද සමාගම වැඩිදුරටත් පවසනවා.

එන්නත්කරණයට එරෙහි අන්තර්ගතයන් හා සාවද්‍ය තොරතුරු  පළ වීම නිසා දේශපාලනඥයින් සහ මහජන සෞඛ්‍ය කණ්ඩායම්වල උදහසට ලක්ව සිටින ෆේස්බුක් පැවසුවේ කොවිඩ් 19 එන්නත පවා කිසියම් කාලයක් ගතවනතුරු ලබාගත නොහැකි නමුත් වසංගතය විසින් රෝග වළක්වා ගැනීමේ සෞඛ්‍ය පුරුදුවල වැදගත්කම පිළිබඳ අවධාරණය කරනු ලැබ ඇති බවයි.

එන්නත් පිළිබඳ සාවද්‍ය තොරතුරු සහිත දැන්වීම් ෆේස්බුක් හී තහනම් නමුත්, එන්නත්කරණයට විරුද්ධත්වය හුවා දක්වන දැන්වීම් ඒවායේ හිමිකම් ව්‍යාජ නොවන්නේ නම් අනුමත කරනු ලබයි.

ෆේස්බුක් හී මහජන ප්‍රතිපත්ති කළමනාකරු Jason Hirsch මේ වසර මුලදී රොයිටර්ස් පුවත් ඒජන්සියට පැවසුවේ,  සිය සමාජ ජාල පරිශීලකයන්ට පුද්ගලික අදහස් දැක්වීම් කළ හැකි බවත්, දැඩි ලෙස වාරණය කළහොත් එන්නත් ගැන දෙකට දෙවාරේ සිටින පුද්ගලයින් එන්නත් විරෝධීන්ගේ කඳවුර දෙසට තල්ලු විය හැකි බවත් ය.

වසංගතය ආරම්භ වූ අවස්ථාවේ සිට නව කොරෝනා වෛරසය වටා මිත්‍යාවන්, කට කතා, කුමන්ත්‍රණකාරී බේගල්, සාවද්‍ය තොරතුරු ගොඩ නැගුණා.

Sylvie Briand ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුබද්ධිත, ආසාදන උපද්‍රව සඳහා පෙර සූදානම් වීමේ  ගෝලීය  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය අල්ජසීරා පුවත් සේවයට පවසා තිබුණේ ප්‍රතිකර්ම, ඖෂධ හා එන්නත් සම්බන්ධ මිත්‍යාවන් සමහර විට ජීවය ලබන්නේ ව්‍යාපාරික අරමුණු මත බවයි.

මේ අතර මුව ආවරණ පැළඳීම, සම්බන්ධතා අනාවරණය කර ගැනීම වැනි මැදිහත් වීමේ ක්‍රම පිළිබඳ සාවද්‍ය තොරතුරු ව්‍යාකූලත්වයක් නිර්මාණය කරනවාක් මෙන්ම ඇතැම් විට එහි ප්‍රතිඵලයක් ලෙස ආයතන, රජයන්, විශේෂඥයින් සහ විද්‍යාව ගැනද අවිශ්වාසයක් ගොඩ නංවන බව ඇය පවසනවා.

තොරතුරු බෙදා ගැනීමට පෙර ඒවායේ මූලයන් පිළිබඳ සොයා බැලීමට මෙන්ම ජාතික මහජන සෞඛ්‍ය ආයතන වැනි විශ්වාසනීය සහ විද්‍යානුකූල තොරතුරු ප්‍රභව භාවිතා කිරීමටත් යමක් සාවද්‍ය බව දන්නේ නම් හෝ විශ්වාස කරන්නේ නම් ඒ ගැන වාර්තා කිරීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය ජනයා දිරි ගන්වනවා.

මේ අවස්ථාව වනවිටත් කොවිඩ් 19 සඳහා  අවසරලත් සුවිශේෂී ප්‍රතිකර්මයක් හෝ එන්නතක් නැති නමුත් ඖෂධ වර්ග කිහිපයක් සහ 200කට වැඩි අපේක්ෂිත එන්නත් වර්ග ගණනක් පුළුල් සායනික අත්හදා බැලීම් යටතේ අධ්‍යනයන්ට භාජනය වෙනවා.

 

ලසන්ත ද සිල්වා

මූලාශ්‍රය – අල්ජසීරා

 

 

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *