43 ප්‍රතිපත්ති ප්‍රකාශය මහ නාහිමියන්ට දෙන්න චම්පික නුවර යයි

ජාතික සමඟි ජනබලවේගයේ ඉදිරි සමුළුවේදී හෙළ උරුමයෙන් ඉවත්වූ තමන් ඇතුළු 26 දෙනා එම බලවේගය හා එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. සමගි  ජන බලවේගයේ විධායක සභාවට සහභාගි වන ලෙස ලැබුණු ආරධනාවට අනුව ඊට සහභාගි වූ බවත් මෙතෙක් එහි සාමාජිකත්වය ලබාගෙන නොමැති වුවත් එකතු වීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත් ඒ මහතා කීය. මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පෙරේදා (07) බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේය.රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් බිහි කළ 43 වැනි සේනාංකය ‘ඉන්න හිතෙන රටක්’ වෙනුවෙන වූ ව්‍යාපාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මන්ත්‍රීවරයා විසින් මහනාහිමිවරුන්ට පිළිගන්වනු ලැබීය. මහජන නියෝජිතයෙකු ලෙස තමන් පත්ව තිබෙන්නේ සමගි ජනබලවේගයට ජනතාව ලබාදුන් ඡන්දයෙන් බවත් ඒ ජනමතයට එරෙහිව කටයුතු නොකරන බවත් හෙතෙම පැවසුවේය. එක පැත්තකින්  භාණ්ඩ හිඟයක් රටේ පවතිත්දී අසාමාන්‍ය ලෙස  මිල ඉහළ ගොස් තිබෙන බවත් මේ වනවිට රජයට තමන්ගේ දේශීය හා විදේශීය ණය ගෙවා ගැනීමට නොහැකිව අර්බුදයකට පත්ව සිටින බවත් ඒ මහතා කීය. දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බලන උපාලි අබේරත්න කොමිසම සිදුකරන ලද නිර්දේශයන්ට අනුව විශේෂ ජනාධිපති කොමිසමක් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමාගේ මූලිකත්වයෙන් පත්කර තිබෙන බවත්  එහි අරමුණ රජයට එරෙහිව හඬ නගන ශක්තිමත් චරිතවල මන්ත්‍රී ධූර අහෝසි කිරීම හා ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකර නිශ්ක්‍රීය කිරීම බවත් රණවක මහතා පැවසුවේය.ජේ.ආර්. ජයවර්ධන මහතා සිරිමාවෝ මැතිණියටද මෙලෙස සිදුකළ බවත් ඉන් අවසානයේ සිදුවූයේ ප්‍රජාතනත්‍ර විරෝධි බලවේග උතුරෙත් දකුණෙත් ශක්තිමත් වීම බවත් හෙතෙම පැවසුවේය.ජනපතිවරණයට තවත් කල් තිබෙන බවත් එය පැමිණි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතා හෝ  ජයග්‍රහණය කළ හැකි ශක්තිමත්ම  අපේක්ෂකයා ඉදිරිපත්කර අනිවාර්යයනේම අපේ ජනාධිපතිවරයෙක් 2024 දි බලයට ගෙන එන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.තමන් අද සිටින තැනට පැමිණ සිටින්නේ පවුල් බලයෙන් හෝ තවත් දේශපාලනඥයෙකුගේ අත්වැල අල්ලාගෙන නොව කුසලතාව හා නිපුණතාවයෙන් බවත් මේ රටේ අනාගත පරපුරට බලය ලබාදීම පිණිස 43 වන සේනායංකය ගොඩනැගූ බවත් හෙතෙම පැවසුවේය.අද ෆේස් මාස්ක එකෙන්,සැනිටයිසර් එකෙන්,පී.සී.ආර් කට්ටලයෙන්,ඇන්ටිජන් පරීක්ෂාවෙන් සිදුවන්නේ කොල්ල කෑමක් බවද ඒ මහතා කීය.ආණ්ඩු විදේශ ලේකම්වරයා ඇමරිකාවේ ජනාධිපති විවේචනය කරන බවත්  ඇමරිකාව විවේචනය කිරීමට පෙර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදි නිදහස ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බවත් කී ඒ මහතා මිනිස්සුන්ට මහ පාරේ වෙඩි තියෙනවා නම්,දේශපාලනික ක්‍රියකාරීන්ගෙන් පළිගනන්වා නම් ඒ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක තිබේද යන් ප්‍රශ්නයක් බවද අවධාරණය කළේය.බෙදුම්වාදී බලවේග ලෝකය පුරා කරන ප්‍රචාරයට අවශ්‍ය පිදුරු හදා දෙන්නේ මේ ආණ්ඩුව බවද ඒ මහතා කීව්ය.මානව හිමිකම් කොමිසම අවුරුදු 12 කට කලින් අවසන් වූ යුද්ධය  සම්බන්ධයෙන් රණවිරුවන්ට නගන චෝදනාවට කිසිදු  එකඟතාවක් තම කණ්ඩායමේ නොමැති බවත් මෙම අවස්ථාවේදී රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.‍

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *