ලංකා වතු සේවා සංගමයේ සියවැනි සංවත්සර සැමරුම පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණු අතර එහි දී මාධ්‍යවේදී සමන් සී. ලියනගේ විසින් ලියන ලද “සියවසක සියසවිය” ලාංකීය අරගල ඉතිහාසයේ CESU මං සලකුණු, නැමැති සංගමයේ ඉතිහාස ග්‍රන්ථය එළි දැක්විම සිදු විය. 1920 වසරේ ආරම්භකර ඇති ලංකා වතු සේවා සංගමය, වතු කාර්ය මණ්ඩල අයිතිවාසිකම් දිනා ගැනීමට […]Read More
හින්දු ශිව භක්තිකයන්ගේ වැදගත්ම පූජෝත්සව දිනය ලෙස සැළකෙන මහා ශිවරාත්‍රී දිනය ශිව සහ ශක්ති දේවතාවිය හෙවත් පාර්වතිය හමුවීමද සිහිපත් කරයි. හින්දු කැලැන්ඩරයට අනුව සෑම මසකම 13 වැනිදාව හෝ 14 වැනිදාව ශිව රාත්‍රියකි. එය “මස්කි ශිවරාත්‍රී” ලෙස හැඳින්වේ. හින්දු කැලැන්ඩරයට අනුව ෆල්ගුනා මාසයේ 13 වනදා හෝ 14 වෙනිදා එළඹෙන ශිව රාත්‍රී දිනය වසරකට වරක් සමරන මහා […]Read More
පසුගිය දා අසූ එක්වැනි ජන්ම දිනය සැමරූ කීර්තිධර නර්තන ශිල්පී පීටර් සූරසේනයන්ට උපහාරයක්ම වේවා. සොල්බරි සාමිවරයා ඉදිරිපෙළ අග්‍රේෂ ප්‍රභූ අසුන හිමි ව සිටියේ ය. ඔහු අබියස පිඨිකාව රංගාවතරණයට සූදානම් ය. ඒ ලංකාව බ්‍රිතාන්‍ය යටත් කොලනියක් ව තිබී ඩොමීනියන් වරම හිමි කර ගත් කාලය යි. කිරීටයට වග කියන ආණ්ඩුකාරවරයා වූයේ සොල්බරි සාමි ය. එදා නව හැවිරිදි […]Read More
කලාව නම් සොබාදහමයි. මිනිසා වූ කලී සොබාදහමෙහි අපූර්වතම නිර්මාණයකි. සත්ව ලෝකයෙහි අන් සතුන්ගෙන් මිනිසා වෙන් වන්නේ බුද්ධිය කරණ කොට ගෙනය. එනම් මනස නම් ඉන්ද්රිය කරණ කොට ගෙනය. මානසික ආතතිය, මානසික පීඩාව, මානසික ඒකාග්‍රතාව, මානසික සතුට වැනි විවිධ වචනාර්ථ තුලින් සාකච්ඡාවට බඳුන් වන්නේ පුද්ගලයාගේ මනසෙහි හැසිරීම් රටාව පංචේන්ද්‍රියයන් ඇසුරින් බාහිර පරිසරයට පෙන්නුම් කරන විවිධ හැඩතලයන්ය. කොතෙකුත් […]Read More
දයිසුකේ හයිෂිගේ කැමරාව රිද්මයානුකූල අභිනයන් සහ ගාන්ධර්වයන්ගේ ගැඹූරු ඉංගිත සටහන් කර ගනිමින් තිබුණා. මහා නර්තන ශිල්පී පීටර් සූරසේනයන්ගේ නිවසේ මතු මහලෙහි සරසවි ඇසුරට වෙන් වූ පීටර් සූරසේන එළිමහන් රඟමඩලේ නර්තන අවකාශය සරසවි වරමින් ආශිර්වාද ලබා තිබියදී උත්තම නර්තනයෙහි සම්පූජිත උරුමක්කාර පරපුරක වෘද්ධ ශිල්පීන් රිද්මයෙහි ආවේශ ව සිටියා. සකුරා දේශයේ උපන් මේ සේයා කලාකරුවා පෙරදිග කලාවනට […]Read More
මාධ්‍යවේදී අසේල කුරුළුවංශ විසින් රචිත දිවිදොස්ගල උරුමක්කාරයෝ ග්‍රන්ථය එළිදැක්වීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (ඔක්තොම්බර් 17) පස්වරු 2.30 ට සිදු කෙරෙයි. උඩරට පාරම්පරික නර්තන කලාව මේ දක්වා රැක ගැනීමට අමිල සේවයක් කළ කලාකරුවන් 24 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙම ග්‍රන්ථයේ ඇතුළත්ය. නිත්තවෙල ගුණයා,අමුණුගම සුරඹා,තිත්තපජ්ජල සුරඹා,ශ්‍රී ජයනා,හීන්බබා ධර්මසිරි,ඥානදාස රාජපක්ෂ,හපුගොඩ ධර්මසිරි,පීටර් […]Read More
“පොටෝ බලන්න ආපු හැමෝම අහපු එක කාරණයක් තිබ්බා. ඒ තමයි ඇයි ඔයාලා දුක විතරක් පෙන්නුවේ. ඇයි සතුට පෙන්වන්න උත්සාහ නොගත්තෙ කියලා. බලන්න මේවයේ තියෙන්නෙ දුක, පසුබෑම විතරයි. මොකක්දෝ පශ්චාත්තාපී හැඟීමකුයි උත්පාද වෙන්නෙ. ඔය වගේ කතා බරට කියපු අයත් හිටියා. අපි උත්තර දුන්නා. සතුට පෙන්වන්න තවත් අය ඉන්නවා. එයාලා සතුට නිරූපණය කරනවා. අපිට වුවමනා වුණේ දුක […]Read More
මහනුවර ශ්‍රී දළදා මාලිගා පෙරහරේ අඛන්ඩව අඩසිය වසක් සධාතුක කරඬුව වැඩම කළ රාජා ඇතා මියගොස් වසර 32 ක් සපිරීම් නිමිත්තෙන් අද (16) දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ මූලිකත්වයෙන් උපහාර උත්සයක් පැවැත්විණි. ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරන මියන් රාජා, බුරුම රාජා,පුලතිසි රාජා හා සිංහ රාජා යන ඇතුන් සිව් දෙනා රාජා හස්තියාගේ නිසළ දේහය […]Read More
කොල්ලෙක්ට, කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඇත්තටම කෙල්ල වයසින් අඩු වෙන්නම ඕනද.. බොහොම තාර්කික ප්‍රශ්ණයක්.. අද සමාජය මේ වන විට අප පුරාතනයේ පටන් ආ විවාහ සම්ප්රදාය වෙනස් කරමින් පිරිමියාට වඩා වැඩිමල් ගැහැණු අය සමඟ විවාහ වෙන අවස්ථා දස දෙසින් වාර්තා වේ. මෙම විවාහ සම්ප්රදාය ඇත්තටම ඇතිවුනේ කොහොමද ? පිරිමි පාර්ශවය සූර්යා ප්‍රභව කොටද ස්ත්‍රී පාර්ශවය චන්ද්‍රයා […]Read More
රසික හද සන්තානය ආලෝලනයට සමත් කව් රස මවන්නෝ විරලය හ. කවිය පිළිබඳව පෘථුල කියවීමක් ඇතිව මෙන්ම, පෘථුලව කවිද කියවමින කවි ලියන කසුන් සමරතුංග එවැන්නෙකි. මුල් කෘතිය ඉක්මවා වැඩුණු කවියෙන් සමන්විත ඔහුගේ අංගුලිමාල සුළඟ කව් සරණිය සාම්ප්‍රදායික කවි ඉසව් අන්‍ය මානයකින් සම්මුඛ වීමට රසිකයාට ඉඩ හසර දෙන්නකි. කෘතියෙහි නාමකරණයට මිස ඒ කව නිර්නාමිකව පවත්නා කසුන් ගේ […]Read More