TNAට එරෙහිව වවුනියාවේ විරෝධයක්

2020 පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කර ගනිමින් දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයට එරෙහිව වවුනියාව නගරයේදී විරෝධතාවක් පැවැත්වුණි. මෙම විරෝධතාවය සඳහා එක්ව සිටියේ යුධ සමයේදී අතුරුදන් වූවන් ගේ ඥාතීන් වන අතර ඔවුහු එහිදී යුරෝපා සංගමයට එරෙහි සිය විරෝධයද ප්‍රකාශ කළහ.

යුධ සමයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමය ලෙස තමන් අතුරුදන් වූ සිය සමිපතමයන් සොයා දෙන ලෙස ඉල්ලීම් කිරීමට පටන් ගෙන දැනට දින 1250ක කාලයක ගත වී ඇතත් සහ දිගින් දිගටම විරෝධතා දැක්වීමේ නිරතව සිටි නමුත් සිය නියෝජිතයා ලෙස පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය ඒ සම්බන්ධව ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට කිසිවක් ඇතුළත් කර නොමැති බව ඔවුහු මෙිහිදී පෙන්වා දුන්හ.

මෙහිදී යුරෝපා සංගමය හා ජීනීවාහී පිහිටි මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයද විරෝධතා කරුවන්ගේ විවේචනයට ලක් වූ අතර ඊට හේතුව වූයේ, යුද්ධයෙන් අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන බවට පොරොන්දු වූවද දැන් ඔවුන් ප්‍රශ්නය මඟ හැර සිටීම බව අතුරුදන් වූවන්ගේ සංගමයේ සභාපති කේ. ජෙයවනිතා පැවසුවාය.

ආණ්ඩුව හා දකුණේ ජනයා සතුටු කිරීම සඳහා රැවටිලිකාර ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සකස් කොට ඇති දෙමළ ජාතික සන්ධානයේ අරමුණ වරප්‍රසාද ලබා ගැනීම බවද ඇය මාධ්‍ය වෙත පැවසුවාය.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *